ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 කොරින්ති 14:35 - Sinhala New Revised Version

ඔව්හු යමක් දැනගන්නට කැමැති නම් ගෙදර දී ස්වකීය ස්වාමි පුරුෂයන්ගෙන් අසා දැනගනිත් වා. මන්ද, සභා රැස්වීමක දී කතා කිරීම ස්ත්‍රියකට නොහොබී.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

යමක් විමසා දැනගැනීමට උවමනා නම්, තම ස්වාමි පුරුෂයන්ගෙන් ගෙදරදී විමසත්වා. මන්ද සභාවේදී කතා කිරීම ස්ත්‍රියකට ලජ්ජාවකි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු යමක් දැනගන්නට කැමැති නම් ගෙදර දී ස්වකීය ස්වාමි පුරුෂයන්ගෙන් අසා දැනගනිත් වා. මන්ද, සභා රැස්වීමක දී කතා කිරීම ස්ත්‍රියකට නොහොබී.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔව්හු යමක් දැනගන්ට කැමති නම්, ගෙදරදී තමුන්ගේම පුරුෂයන්ගෙන් විචාරත්වා. මක්නිසාද සභාවේදී කථාකිරීම ස්ත්‍රියකට ලජ්ජාවක්ය.

පරිච්ඡේදය බලන්න



1 කොරින්ති 14:35
7 හුවමාරු යොමු  

පුරුෂයෙකුට දික් වූ හිසකේ තිබීම ඔහුට අගෞරවයක් බවත්,


ස්ත්‍රියක් හිස වසා නොගනී නම් ඈ හිසකේ කපා ගනී වා. හිස මුඩු කිරීම හෝ හිසකේ කෑපීම, ස්ත්‍රියකට ලජ්ජාවක් නම් ඈ හිස වැස්මක් ඇති ව සිටී වා.


ස්ත්‍රීහු සභා රැස්වීම්වල දී නිශ්ශබ්ද ව සිටිත් වා. මන්ද, කතා කිරීමට ඔවුන්ට අවසරයක් නැත. ව්‍යවස්ථාවේ කියා තිබෙන පරිදි ඔව්හු ප්‍රමුඛ ව නොසිටිත් වා.


දෙවියන් වහන්සේගේ වචනය නික්ම ගියේ ඔබ කෙරෙන් ද? නොහොත් එය පැමිණියේ ඔබ වෙත පමණක් ද?


සැබැවින් ම ඔවුන් රහසිගත ව කරන දේ ගැන කතා කිරීම පවා පිළිකුලකි.


එසේ ම පුරුෂයෙනි, ඔබගේ විවාහ ජීවිතයේ දී ඔබත් ඔබගේ භාර්යාවන් සමඟ අවබෝධයෙන් යුතු ව හැසිරෙන්න. ඔවුන් දුබල පක්ෂය වන බැවින් ඔවුන්ට ගෞරව කරන්න. මන්ද, ඔබ හා සමඟ ඔව්හු ද දෙවියන් වහන්සේ නොමිලයේ දෙන දීමනාව වූ ජීවිතයට හවුල් උරුමක්කාරයෝ වන්නහු ය. එවිට ඔබේ යාච්ඤාවලට බාධා නොපැමිණෙයි.