Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 කොරින්ති 14:35 - සිංහල කාලීන පරිවර්තනය

35 යමක් විමසා දැනගැනීමට උවමනා නම්, තම ස්වාමි පුරුෂයන්ගෙන් ගෙදරදී විමසත්වා. මන්ද සභාවේදී කතා කිරීම ස්ත්‍රියකට ලජ්ජාවකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 ඔව්හු යමක් දැනගන්නට කැමැති නම් ගෙදර දී ස්වකීය ස්වාමි පුරුෂයන්ගෙන් අසා දැනගනිත් වා. මන්ද, සභා රැස්වීමක දී කතා කිරීම ස්ත්‍රියකට නොහොබී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 ඔව්හු යමක් දැනගන්නට කැමැති නම් ගෙදර දී ස්වකීය ස්වාමි පුරුෂයන්ගෙන් අසා දැනගනිත් වා. මන්ද, සභා රැස්වීමක දී කතා කිරීම ස්ත්‍රියකට නොහොබී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

35 ඔව්හු යමක් දැනගන්ට කැමති නම්, ගෙදරදී තමුන්ගේම පුරුෂයන්ගෙන් විචාරත්වා. මක්නිසාද සභාවේදී කථාකිරීම ස්ත්‍රියකට ලජ්ජාවක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 14:35
7 හුවමාරු යොමු  

සොබා දහම විසින් ඔබට මෙය උගන්වනවා නො වේ ද? එය, දිගු හිසකේ පුරුෂයකුට නින්දාවක් බවත්,


යම් ස්ත්‍රියක් තම හිස වසා ගන්නේ නැතිනම්, ඇය කොණ්ඩය කොටකර කපා ගත යුතු ය. එහෙත් හිසකේ කපා ගැනීම හෝ මුඩු කර ගැනීම හෝ ස්ත්‍රියකට ලජ්ජාවට කරුණක් බැවින්, ඇය හිස වසා ගත යුතු ය.


ස්ත්‍රීන් සභාවලදී නිහඬව සිටිය යුතු ය; එහිදී කතා කිරීමට ඔවුන්ට අවසර නැත. දහම් නීතිය ද කියන පරිදි, ඔවුන් යටත්ව සිටිය යුතු ය.


දෙවියන්වහන්සේගේ වචනය මුලින්ම පැන නැගුණේ ඔබ වෙතින් ද? නැතහොත් එය ළඟා වූ එකම ජනයා ඔබ පමණක් ද?


මන්ද ඔවුන් රහසේ කරන දෑ කීම පවා ලජ්ජා සහගත ය.


ස්වාමි පුරුෂයිනි, එපරිදි ඔබත්, ඔබගේ යාච්ඤාවනට බාධා නො පැමිණෙන පිණිස, ඔබගේ භාර්යාවන් ඔබ හා සමඟ ජීවනයේ අනුග්‍රහයේ සම-උරුමක්කාරියන් වන බැවින්, දුර්වල පක්ෂය නිසා ඇයට ගෞරවයෙන් සලකා, ඔවුන් සමඟ වැටහීමෙන් ජීවත් වන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්