මාංස පූජා කිරීමටත්, පූජා කරන මස් කෑමටත් ඔව්හු කැමැති ය. එහෙත්, සමිඳාණෝ එය ප්‍රිය නොකරන සේක. දැන් උන් වහන්සේ ඔවුන්ගේ අයුතුකම් සිහි කොට, ඔවුන්ගේ පාපවලට නිසි දඬුවම් දෙන සේක. ඔවුන් ආපසු මිසර දේශයට යනු ඇත.
1 කොරින්ති 11:20 - Sinhala New Revised Version ඔබ සභාවක් වශයෙන් එක්රැස් වන විට, සමිඳාණන් වහන්සේගේ රාත්‍රි භෝජනය වැළඳීමක් සිදු නොවේ. සිංහල කාලීන පරිවර්තනය ඔබ එක්රැස් වන කල, ඔබ වළඳන්නේ ස්වාමින්වහන්සේගේ රාත්‍රි භෝජනය නො වේ. Sinhala New Revised Version 2018 ඔබ සභාවක් වශයෙන් එක්රැස් වන විට, සමිඳාණන් වහන්සේගේ රාත්‍රි භෝජනය වැළඳීමක් සිදු නොවේ. Sinhala Revised Old Version ඉතින් නුඹලා එකට රැස්වන කල්හි ස්වාමීන්වහන්සේගේ රාත්‍රි භෝජනය කෑමක් නම් නැත. |
මාංස පූජා කිරීමටත්, පූජා කරන මස් කෑමටත් ඔව්හු කැමැති ය. එහෙත්, සමිඳාණෝ එය ප්‍රිය නොකරන සේක. දැන් උන් වහන්සේ ඔවුන්ගේ අයුතුකම් සිහි කොට, ඔවුන්ගේ පාපවලට නිසි දඬුවම් දෙන සේක. ඔවුන් ආපසු මිසර දේශයට යනු ඇත.
ඔව්හු ප්‍රේරිතවරුන්ගේ ඉගැන්වීමෙහි ද, සහභාගිකමෙහි ද රොටි කැඩීමෙහි ද යාච්ඤාවෙහි ද නිරත ව කල් ගත කළහ.
තවද, ඔව්හු දිනපතා නොකඩ ව ම, එක්සිත් ව දේව මාලිගාවේ රැස් වෙමින් ද ගෙයින් ගෙට යමින් රොටි කඩමින් ද තම තමන් අතර ප්‍රීතියෙනුත්, ත්‍යාගිවන්ත සිතිනුත් ආහාර බෙදාගනිමින් ද
මා මේ අනුශාසනා කරන විට මම ඔබට ප්‍රශංසා නොකරමි. මන්ද, ඔබේ රැස්වීම්වල දී යහපතට වඩා අයහපත සිදු වන බැවිනි.
මන්ද, ඔබ කන විට එකිනෙකා තම තමාගේ ම කෑම අනික් අයට ප්‍රථමයෙන් කෑදරකමින් කන්නේ ය. ඒ නිසා එක් කෙනෙකු බඩගිනි ව සිටින අතර තව කෙනෙක් වෙරි වෙන තෙක් බොන්නේ ය.
ඇතැම් අය කරන ලෙස අපේ ම රැස්වීම්වලින් ඈත් ව නොසිට, සමිඳාණන් වහන්සේගේ දිනය ළං වන බව ඔබට පෙනෙන බැවින් වැඩි වැඩියෙන් එකිනෙකාට ධෛර්ය දෙමු.
ඔවුන් ඇති කළ දුකෙහි විපාකය ඔව්හු ම විඳිති. දිවා කාලයෙහි කම් සැප සේවනය ඔවුන්ගේ ප්‍රීතිය වේ. ඔව්හු ඔබගේ සමාගමට කැළලක් හා පලුද්දක් වෙති. ඔවුන් ඔබ සමඟ මංගල භෝජන වළඳන විට ඔව්හු ඔබ රවටා ප්‍රීති වෙති.
ඔව්හු ඔබගේ ප්‍රේම මංගල්‍ය වලට අශෝභන කැළලකි; විළිබිය නැති ව කෑම්බීම්වල යෙදී තමන් ම පෝෂණය කරගන්න එඬේරුන් වැනි ය; සුළඟින් ගසාගෙන යන වතුර නැති වලාකුළු වැනි ය; මුලින් උදුරා දැමූ, වියළී මැරී ගිය, පල නැති, සරත් කාලයේ ගස් වැනි ය.