Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 කොරින්ති 11:21 - Sinhala New Revised Version

21 මන්ද, ඔබ කන විට එකිනෙකා තම තමාගේ ම කෑම අනික් අයට ප්‍රථමයෙන් කෑදරකමින් කන්නේ ය. ඒ නිසා එක් කෙනෙකු බඩගිනි ව සිටින අතර තව කෙනෙක් වෙරි වෙන තෙක් බොන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

21 මන්ද අහර ගැනීමේදී හැම කෙනෙක්ම, අන් අයට කලින් තමාගේ ආහාර කෑමට ඉක්මන් වෙයි. කෙනකු සාගින්නේ සිටියදී අන් කෙනෙක් බීමත් වෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 මන්ද, ඔබ කන විට එකිනෙකා තම තමාගේ ම කෑම අනික් අයට ප්‍රථමයෙන් කෑදරකමින් කන්නේ ය. ඒ නිසා එක් කෙනෙකු බඩගිනි ව සිටින අතර තව කෙනෙක් වෙරි වෙන තෙක් බොන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 මක්නිසාද නුඹලා කන විට, එකිනෙකා තම තමාගේම කෑම අනික් කෙනෙකුට ප්‍රථමයෙන් කන්නේය; මෙසේ එක්කෙනෙක් බඩගිනිව ඉන්නේය, තවත් කෙනෙක් මත්වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 11:21
7 හුවමාරු යොමු  

“හැම කෙනෙක් ම පළමුකොට හොඳ මිදියුසයෙන් සංග්‍රහ කරති; කවුරුනුත් සෑහෙන තරමට පානය කළ පසු බාල මිදියුසයෙන් සංග්‍රහ කරති. එහෙත්, ඔබ මේ වන තුරු හොඳ මිදියුස තබාගෙන සිටියෙහි ය”යි ඔහුට කී ය.


ඔබ සභාවක් වශයෙන් එක්රැස් වන විට, සමිඳාණන් වහන්සේගේ රාත්‍රි භෝජනය වැළඳීමක් සිදු නොවේ.


යමෙකුට බඩගිනි නම්, ඔබගේ රැස්වීම දේව දඬුවමට පාත්‍ර නොවන ලෙස, ඔහු ගෙදර දී කෑවාවේ. අනිත් කරුණු ගැන, මා පැමිණි විට, මම පිළිවෙළක් කරමි.


ඔවුන් ඇති කළ දුකෙහි විපාකය ඔව්හු ම විඳිති. දිවා කාලයෙහි කම් සැප සේවනය ඔවුන්ගේ ප්‍රීතිය වේ. ඔව්හු ඔබගේ සමාගමට කැළලක් හා පලුද්දක් වෙති. ඔවුන් ඔබ සමඟ මංගල භෝජන වළඳන විට ඔව්හු ඔබ රවටා ප්‍රීති වෙති.


ඔව්හු ඔබගේ ප්‍රේම මංගල්‍ය වලට අශෝභන කැළලකි; විළිබිය නැති ව කෑම්බීම්වල යෙදී තමන් ම පෝෂණය කරගන්න එඬේරුන් වැනි ය; සුළඟින් ගසාගෙන යන වතුර නැති වලාකුළු වැනි ය; මුලින් උදුරා දැමූ, වියළී මැරී ගිය, පල නැති, සරත් කාලයේ ගස් වැනි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්