‘හෙළා දකින්නෙනි, බලන්න, පුදුම වන්න, පුදුම වී වැනසෙන්න; මන්ද, ඔබගේ දවස්වල දී එක් ක්‍රියාවක් කරමි. ඒ ක්‍රියාව ගැන යමෙක් ඔබට පැවසුවත් ඔබ එය කිසිසේත් විශ්වාස නොකරන්නහු ය,’ “ යනු යි.
1 කොරින්ති 1:18 - Sinhala New Revised Version කුරුසියේ පණිවුඩය, විනාශ වන අයට විකාර දෙඩුමකි. එහෙත් විමුක්තිය ලබන අපට එය දෙවියන් වහන්සේගේ බලය වේ. සිංහල කාලීන පරිවර්තනය මන්ද, කුරුසියේ පණිවුඩය විනාශ වන්නන්ට අඥානකමකි. එහෙත් ගැලවීම ලබන්නා වූ අපට එය දෙවියන්වහන්සේගේ බලයයි. Sinhala New Revised Version 2018 කුරුසියේ පණිවුඩය, විනාශ වන අයට විකාර දෙඩුමකි. එහෙත් විමුක්තිය ලබන අපට එය දෙවියන් වහන්සේගේ බලය වේ. Sinhala Revised Old Version මක්නිසාද කුරුසියේ වචනය විනාශවන්නන්ට මෝඩකමය; නුමුත් ගැළවෙන්නාවූ අපට ඒක දෙවියන්වහන්සේගේ බලයය. |
‘හෙළා දකින්නෙනි, බලන්න, පුදුම වන්න, පුදුම වී වැනසෙන්න; මන්ද, ඔබගේ දවස්වල දී එක් ක්‍රියාවක් කරමි. ඒ ක්‍රියාව ගැන යමෙක් ඔබට පැවසුවත් ඔබ එය කිසිසේත් විශ්වාස නොකරන්නහු ය,’ “ යනු යි.
එපීකුරිය සහ ස්තෝයික දාර්ශනිකයන්ගෙන් සමහරෙක් ද ඔහුට මුණ ගැසුණාහ. ඇතැමෙක්, “මේ වාචාලයා කුමක් කියන්නට හදනවා දැ”යි කී හ. “ඔහු අන්‍ය දෙවිදේවතාවන් ප්‍රචාරය කරන්නෙකු මෙන් පෙනේ ය”යි සමහරු කී හ. මෙසේ කීවේ ඔහු ජේසුස් වහන්සේ හා උන් වහන්සේගේ පුනරුජ්ජීවනය ප්‍රකාශ කළ බැවිනි.
මළවුන්ගෙන් උත්ථාන වීම ගැන ඔවුන්ට ඇසුණ කල, සමහරු සරදම් කළහ. සමහරු, “මේ ගැන ඔබ කියන දේ අපි නැවත වරක් අසන්නෙමු”යි කී හ.
දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් හා සියල්ලන්ගේ ප්‍රසාදය ලබමින් ද කල් යැවූ හ. සමිඳාණන් වහන්සේ ගැළවීම ලබන්නන්ගේ ගණන දවසින් දවස වැඩිකර වදාළ සේක.
මම සුබ අස්න ගැන කිසිසේත් ලජ්ජා නොවෙමි. මන්ද, අදහාගන්නා සියල්ලන්ට, පළමුකොට ජුදෙව්වරුන්ට ද, දෙවනු ව ග්‍රීකයන්ට ද එය ගැළවීම සලසන දෙවියන් වහන්සේගේ බලය වන හෙයිනි.
මන්ද, දෙවියන් වහන්සේගේ ප්‍රඥාවන්ත සැලැස්ම අනුව ලෝකයාට ස්වකීය ප්‍රඥා බලයෙන් දෙවියන් වහන්සේ දැනගැනීමට නොහැකි විය. ඒ වෙනුවට ප්‍රලාපයකැ යි කියන සුබ අස්න දේශනා කිරීමෙන් අදහන්නන් ගළවාලීමට උන් වහන්සේ සතුටු වූ සේක.
ඒ මඟින් ඔබ ගැළවීම ලබන්නහු ය. එසේ වන්නේ මා ඔබට දෙසූ ලෙස ම, ඒ සුබ අස්න නිසැක ව පිළිගෙන, එය නිෂ්ඵල නොවන ලෙස විශ්වාස කළොත් පමණකි.
එහෙත් ශුද්ධාත්මයාණන් ලබා නැති තැනැත්තාට දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයාණන්ගෙන් එන සත්‍යයන් පිළිගත නොහැකි ය. ඒවා ඔහුට ප්‍රලාපයකි. ඒවා ආධ්‍යාත්මික ලෙස විමසා දැනගත යුතු නිසා ඒවා ඔහුට නොතේරේ.
මා ඔබ අතර සිටිය දී, මාගේ එක ම අධිෂ්ඨානය වූයේ අන් හැම දෙයක් ම අමතක කර, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ හා උන් වහන්සේගේ කුරුසිගතවීම ගැන පමණක් සිතීම ය.
මන්ද, මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන් වහන්සේ ඉදිරියෙහි මෝඩකමකි. උන් වහන්සේ: “ප්‍රඥාවන්තයන් ඔවුන්ගේ ම උපායවලින් අසු කරගන්නා සේකැ”යි ලියා ඇත.
ක්‍රිස්තුන් වහන්සේ උදෙසා අපි මෝඩයෝ ය, එහෙත් ඔබ උගත් කිතුනුවෝ ය. අපි දුබල ය; ඔබ බලවත් ය, ඔබට ගෞරවය ඇත, අපට අගෞරවය ඇත.
අප සටනට ගන්නා අවිආයුධ ලෞකික ඒවා නොව, දෙවියන් වහන්සේගේ බලයෙන් බලකොටු බිඳ හෙළීමට තරම් බලසම්පන්න ඒවා ය.
මන්ද, අප සුබ අස්න ඔබ වෙත ගෙනාවේ වචන මාත්‍රයෙන් පමණක් නොව, ශුද්ධාත්ම බලය හා සහතික විශ්වාසය ඇතිව ය. ඔබගේ යහපත උදෙසා අපි ඔබ අතර කෙසේ ජීවත් වීමු දැ යි ඔබ දන්නහු ය.
විනාශයට නියම වූ අය, ගැළවීම අත්කර දෙන සත්‍යය ප්‍රේමයෙන් නොපිළිගත් බැවින්, දුෂ්ට ලෙස රවටනු ලබන්නෝ ය.
ඇදහිල්ලේ කර්තෘවරයාණන් ද එහි පරිපූරකයාණන් ද වන ජේසුස් වහන්සේ දෙස ම නෙත් යොමා, අපට දිවීමට ඇති ධාවනය නොපසුබට, වීර්යයෙන් දුවමු. උන් වහන්සේ තමන් ඉදිරියෙහි වූ ප්‍රීතිය නිසා, කුරුසියේ අවමානය නොතකා, එහි වධ විඳ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණත අසුන් ගත් සේක.
දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාශීලී ය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු ය; ආත්මය ප්‍රාණයෙන් ද, සන්ධි ඇටමිදුලුවලින් ද වෙන් කරන තරම් විනිවිද යන්නේ ය; සිතේ සිතුවිලි ද අරමුණු ද විමසන්නේ ය.