එකල ඉශ්රායෙල් සෙනඟ දෙපක්ෂයකට බෙදී සෙනඟගෙන් දෙකෙන් කොටසක් ගීනත්ගේ පුත් තිබ්නී රාජ ධුරයට පත් කරගැනීමට ඔහුට එකතු වූ හ. අනෙක් කොටස ඔම්රීට එකතු වූ හ.
1 කොරින්ති 1:12 - Sinhala New Revised Version මා කියන්නේ මෙය යි: ඔබ අතර ඇතැමෙක්, ‘මම පාවුලුගේ පැත්තට ය’; ඇතැමෙක්, ‘මම අපොල්ලොස්ගේ පැත්තට ය’; ඇතැමෙක්, ‘මම කේපස්ගේ පැත්තට ය’; ඇතැමෙක්, ‘මම ක්‍රිස්තුන් වහන්සේගේ පැත්තට ය’යි කියති. සිංහල කාලීන පරිවර්තනය මා අදහස් කරන්නේ මෙයයි: “මම පාවුල් අනුගමන කරමි” කියා හෝ, “මම අපොල්ලොස් අනුගමන කරමි” කියා හෝ, “මම කේපස් අනුගමන කරමි” කියා හෝ “මම ක්‍රිස්තුස්වහන්සේ අනුගමන කරමි” කියා හෝ ඔබ එකිනෙකා පවසන බවයි. Sinhala New Revised Version 2018 මා කියන්නේ මෙය යි: ඔබ අතර ඇතැමෙක්, ‘මම පාවුලුගේ පැත්තට ය’; ඇතැමෙක්, ‘මම අපොල්ලොස්ගේ පැත්තට ය’; ඇතැමෙක්, ‘මම කේපස්ගේ පැත්තට ය’; ඇතැමෙක්, ‘මම ක්‍රිස්තුන් වහන්සේගේ පැත්තට ය’යි කියති. Sinhala Revised Old Version ඉඳින් මාගේ තේරුම නම්, නුඹලා එක් එක්කෙනා: මම පාවුල්ගේය; මම අපොල්ලොස්ගේය; මම කේපස්ගේය; මම ක්‍රිස්තුස්වහන්සේගේයයි කියන බවය. |
එකල ඉශ්රායෙල් සෙනඟ දෙපක්ෂයකට බෙදී සෙනඟගෙන් දෙකෙන් කොටසක් ගීනත්ගේ පුත් තිබ්නී රාජ ධුරයට පත් කරගැනීමට ඔහුට එකතු වූ හ. අනෙක් කොටස ඔම්රීට එකතු වූ හ.
එහෙත්, ඔබ ‘ගුරුදේව’ යයි කියවා නොගන්න. ඔබගේ ගුරුදේවයාණෝ එක් කෙනෙක් ම ය. ඔබ කවුරුත් සහෝදරයෝ ය.
ඔහු ජේසුස් වහන්සේ වෙත සීමොන් කැඳවාගෙන ආවේ ය. ජේසුස් වහන්සේ ඔහු දෙස බලා, “ඔබ ජොහන්ගේ පුත් සීමොන් ය; ඔබට ‘කේපස්’ යයි කියනු ඇතැ”යි වදාළ සේක. (‘කේපස්’ යන්නෙහි අර්ථය ‘පර්වතය’ යනු යි.)
අලෙක්සන්ද්‍රියාවෙහි උපන් අපොල්ලොස් නම් එක්තරා ජුදෙව්වරයෙක් එපීසයට ආවේ ය; ඔහු ව්‍යක්ත කථිකයෙකි; බහුශ්‍රැත ධර්ම දේශකයෙකි.
තවද අපොල්ලොස් කොරින්තියෙහි සිටිය දී, පාවුලු ඉහළ පළාත් මැදින් ගමන් කොට, එපීසයට පැමිණියේ ය. එහි දී ඔහුට සමහර ශ්‍රාවකයෝ හමු වූ හ.
සහෝදරයෙනි, මා මෙසේ ඉල්ලන්නේ ඔබ අතර මත භේද පවතින බව ක්ලොයිගේ පවුලේ උදවිය මට සැළ කර ඇති බැවිනි.
සහෝදරවරුනි, මා කියන්නේ මෙය යි. ලේ මස් සහිත සිරුරට ස්වර්ග රාජ්‍යය උරුම කරගත නොහැක. එසේ ම දිරා යන්නකට නොදිරන්නක් උරුම කරගත නොහැක.
අපොල්ලොස් ගැන කිව යුත්තේ සහෝදරයන් සමඟ ඔබ වෙත එන ලෙස ඔහුගෙන් මා උදක් ම ඉල්ලා සිටිය බවයි. එහෙත් දැන් ම ඒ ගමන යාම කිසිසේත් ඔහුගේ කැමැත්ත නො වී ය. අවස්ථාවක් පැමිණි විට ඔහු එනු ඇත.
සහෝදරයෙනි, මම ඔබ උදෙසා මේ දේ උපමානුසාරයෙන්, අපොල්ලොස්ටත් මටත් අදාළ කොට කීමි. එසේ කීවේ නීතිරීති කඩ නොකිරීමට ඔබ අපෙන් ඉගෙනගන්නා පිණිසත්, ඔබෙන් කවරෙකු වත් එක් කෙනෙකු ගැන ආඩම්බර වී අන් කෙනෙකු හෙළා නොදකින පිණිසත් ය.
සෙසු ප්‍රේරිතවරුන් ද සමිඳාණන් වහන්සේගේ සහෝදරයන් ද, කේපස් ද මෙන් කිතුනු බිරිඳක කැටුව යාමට අපටත් අවසර නැද් ද?
කරුණු ඇති සැටි සිතා බලන්න. යමෙක් තමා ක්‍රිස්තුන් වහන්සේට අයිති යයි සිතාගනී නම්, ඔහු මෙන් අපත් ක්‍රිස්තුන් වහන්සේට අයිති බව සිතට ගනීවා.
මෙය සිතට ගන්න: අඩුවෙන් වපුරන්නා අඩුවෙන් කපා ගනියි; වැඩියෙන් වපුරන්නා, වැඩියෙන් කපා ගනියි.
මේ සේවය මට භාර දුන් බව පිළිගත් සභා නායකයන් වන ජාකොබ්, පේදුරු සහ ජොහන් අතට අත දී බාර්ණබස් ද මා ද පංගුකාරකමට පිළිගෙන, විජාතීන් වෙත අප ද ජුදෙව්වන් වෙත ඔවුන් ද යා යුතු යයි තීරණය කළහ.
මා කියන්නේ මෙය යි: දෙවියන් වහන්සේ විසින් කලින් ස්ථීර කරන ලද ගිවිසුමක් ඊට හාරසිය තිස් අවුරුද්දකට පසු පැමිණි ව්‍යවස්ථාවෙන් අවලංගු කරන්න වත්, පොරොන්දු නිෂ්ප්‍රභ කරන්න වත් නොහැකි ය.