ගලාති 3:17 - Sinhala New Revised Version17 මා කියන්නේ මෙය යි: දෙවියන් වහන්සේ විසින් කලින් ස්ථීර කරන ලද ගිවිසුමක් ඊට හාරසිය තිස් අවුරුද්දකට පසු පැමිණි ව්‍යවස්ථාවෙන් අවලංගු කරන්න වත්, පොරොන්දු නිෂ්ප්‍රභ කරන්න වත් නොහැකි ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය17 මා අදහස් කරන්නේ මෙයයි: දෙවියන්වහන්සේ විසින් ස්ථාපිත ගිවිසුම, ඉන් වසර හාරසිය තිහකට පසු පැමිණි දහම් නීතිය මඟින් අවලංගු කළ නො හැකි බවයි; එමඟින් පොරොන්දුව නිෂ්ප්‍රභා කළ නො හැකි බවයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 මා කියන්නේ මෙය යි: දෙවියන් වහන්සේ විසින් කලින් ස්ථීර කරන ලද ගිවිසුමක් ඊට හාරසිය තිස් අවුරුද්දකට පසු පැමිණි ව්‍යවස්ථාවෙන් අවලංගු කරන්න වත්, පොරොන්දු නිෂ්ප්‍රභ කරන්න වත් නොහැකි ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 ඒ වංශය නම් ක්‍රිස්තුස්වහන්සේය. ඉදින් මා කියන්නේ නම්: දෙවියන්වහන්සේ විසින් කලින් ස්ථිරකරනලද ගිවිසුමක්, ඊට හාරසිය තිස් අවුරුද්දකට පසු පැමුණුණාවූ ව්‍යවස්ථාවෙන්, පොරොන්දුව නිෂ්ඵලවන ලෙස, අවලංගුකරන්ට නුපුළුවන් බවය. පරිච්ඡේදය බලන්න |
ඇදහිල්ලෙන් පව් කමාව ලබනු සඳහා, ක්‍රිස්තුන් වහන්සේ ස්වකීය මරණයෙන් පව් නසන පූජාවක් වීමට දෙවියන් වහන්සේ නියම කළ සේක. එසේ කෙළේ, උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිස ය. පෙර කාලවල උන් වහන්සේගේ ඉවසීමෙන්, මිනිසුන්ගේ පව් ගණන් නොගෙන හැරිය සේක. එහෙත් මේ කාලයේ දී උන් වහන්සේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිස මිනිසුන්ගේ පව් සලකා බලන සේක. දෙවියන් වහන්සේ මෙලෙස කිරීමෙන් උන් වහන්සේ ධර්මිෂ්ඨ බවත්, ක්‍රිස්තුන් වහන්සේ අදහන කවරෙකු වුවත් දමිටු බවට පමුණුවන බවත් පෙන්වන සේක.