මෝසෙස් සතුන්ගේ ලෙයින් දෙකෙන් කොටසක් ගෙන එය බඳුන්වල දැමී ය, ලෙයින් අඩක් පූජාසනය මත ඉස්සේ ය.
හෙබ්‍රෙව් 9:21 - Sinhala New Revised Version 2018 එසේ ම ඔහු මණ්ඩපයටත්, සියලු තේවා භාජනවලටත් ලේ ඉස්සේ ය. Sinhala New Revised Version එසේ ම ඔහු මණ්ඩපයටත්, සියලු තේවා භාජනවලටත් ලේ ඉස්සේ ය. සිංහල කාලීන පරිවර්තනය තවද ඔහු කූඩාරමටත්, නමස්කාරය සඳහා වූ භාවිතයට ගැනෙන සියලු භාජනවලටත් ලේ ඉස්සේ ය. Sinhala Revised Old Version එසේම මණ්ඩපයටත් සේවයේ සියලු භාජනවලටත් ඔහු ලේ ඉස්සේය. |
මෝසෙස් සතුන්ගේ ලෙයින් දෙකෙන් කොටසක් ගෙන එය බඳුන්වල දැමී ය, ලෙයින් අඩක් පූජාසනය මත ඉස්සේ ය.
පසුව, උගේ ලේ ගෙන, නුඹ ඇඟිල්ලෙන් එය පූජාසනයේ අං මත තවරා, ඉතුරු ලේ සියල්ල පූජාසනයේ පාමුල ළඟ වත් කළ යුතු යි.
ඉන්පසු ඌ මරා උගේ ලේ ගෙන ආරොන්ගේ දකුණු කන් පෙත්තෙහි ද ඔහුගේ පුත්‍රයන්ගේ දකුණු කන් පෙතිවල ද ඔවුන්ගේ දකුණත්වල මාපට ඇඟිලිවල ද දකුණු පාදවල මාපට ඇඟිලිවල ද තවරා, ඉතිරි ලේ පූජාසනයේ හැම පැත්තට ම ඉසිය යුතු ය.
නුඹ දිනපතා ම පාප සඳහා ඒවාට සමාව ලබාගැනීම පිණිස ගව නාම්බෙකු බැගින් පූජා කළ යුතු ය. පව් කමාව සඳහා යාගයක් ඔප්පු කිරීමෙන් නුඹ පූජාසනයේ පාප දුරු කරන්නෙහි ය. ඉන්පසු එය විශුද්ධ කිරීම සඳහා ආලේප කළ යුතු ය.
“ඉන්පසු ආලේප තෛලය ගෙන මණ්ඩපයත්, එහි ඇති සියල්ලත් ආලේප කොට, එයත්, එහි උපකරණ සියල්ලත් කැප කළ යුතු ය. මෙලෙස එය ශුද්ධ එකක් වනු ඇත.
ඉන්පසු මෝසෙස් ඌ මරා, උගේ ලේ ගෙන, තම ඇඟිල්ලෙන් පූජාසනය වටේට තිබූ අං මත එය තවරා, පූජාසනයේ දොස් පහකොට, එහි පාමුල ඉතිරි ලේ වත් කොට එය මත පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරමින් එය කැප කෙළේ ය.
පසුව ඔහු සෙනඟ උදෙසා වූ සහභාගිකමේ පූජාව වන ගවයා සහ බැටළුවා ද මැරී ය. ආරොන්ගේ පුත්‍රයන් ඔහුට උන්ගේ ලේ පිළිගැන්වූ විට ඔහු එය පූජාසනය පිට හාත්පසින් ඉස්සේ ය.