එවිට මෝසෙස් ලේ රැගෙන, සෙනඟ මත ඉසිමින්, “මෙය වනාහි සමිඳාණන් වහන්සේ මෙකී සියලු ආඥා ඔබට දෙමින්, ඔබ සමඟ කළ ගිවිසුම ස්ථිර කරන ලේ ය”යි පැවසී ය.
හෙබ්‍රෙව් 9:20 - Sinhala New Revised Version 2018 “මේවා දෙවියන් වහන්සේ විසින් ඔබ ගැන නියෝග කළ ගිවිසුමේ ලේ ය”යි කියමින් පොතත් මුළු ජනතාවත් මත ඉස්සේ ය. Sinhala New Revised Version “මේවා දෙවියන් වහන්සේ විසින් ඔබ ගැන නියෝග කළ ගිවිසුමේ ලේ ය”යි කියමින් පොතත් මුළු ජනතාවත් මත ඉස්සේ ය. සිංහල කාලීන පරිවර්තනය “දෙවියන්වහන්සේ ආඥා කළ ගිවිසුමේ ලේ මේ යැ” කියමිනි. Sinhala Revised Old Version මේවා දෙවියන්වහන්සේ විසින් නුඹලා ගැන නියෝගකළ ගිවිසුමේ ලේයයි කියමින් පොතටත් මුළු සෙනඟටත් ඉස්සේය. |
එවිට මෝසෙස් ලේ රැගෙන, සෙනඟ මත ඉසිමින්, “මෙය වනාහි සමිඳාණන් වහන්සේ මෙකී සියලු ආඥා ඔබට දෙමින්, ඔබ සමඟ කළ ගිවිසුම ස්ථිර කරන ලේ ය”යි පැවසී ය.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ලෙයින් මුද්‍රා කරන ලද, නුඹ සමඟ කළ, මාගේ ගිවිසුම නිසා මම නුඹේ සෙනඟ වතුර නැති වළෙන් නිදහස් කරන්නෙමි.
“ඔබ සියල්ලෝ ම මෙයින් පානය කරන්න. මෙය පව් කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවනු ලබන මාගේ ගිවිසුම් රුධිරය වේ.
ඔබ එසේ සිටින්නේ, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අද ඔබ සමඟ කරන දිවුරුම් ගිවිසුමට ඔබ ඇතුළු වන පිණිස ය.
සදාතන ගිවිසුමේ ලේ කරණකොටගෙන බැටළුවන්ගේ මහා එඬේරාණන් වන, අප ජේසුස් සමිඳාණන් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන කළ සාමදානයේ දෙවියන් වහන්සේ,
මෙසේ ඔව්හු ගිල්ගාල්හි කඳවුරේ සිටි ජෝෂුවා වෙත ගොස්, ඔහුටත්, ඉශ්රායෙල් සෙනඟටත් කතා කොට, “අපි දුර රටකින් ආවෙමු; එබැවින් අප සමඟ ගිවිසුමක් කළ මැනවැ”යි කීවෝ ය.