දුගී දුප්පත් අය කා බී තෘප්තිමත් වන්නෝ ය; හිමිතුමාණන් සොයන්නෝ එතුමාණන්ට ගී පසස් නඟන්නෝ ය. ඔව්හු සදහට ම සෞභාග්‍යය ලබත් වා!
හිතෝපදේශ 9:5 - Sinhala New Revised Version 2018 “එන්න මාගේ බොදුන් අනුභව කොට, රස කැවූ මිදිරස පානය කරන්න. Sinhala New Revised Version “එන්න මාගේ බොදුන් අනුභව කොට, රස කැවූ මිදිරස පානය කරන්න. Sinhala Revised Old Version එන්න, මාගේ කෑමෙන් කා, මා පෙරා තිබෙන මුද්‍රිකපානයෙන් බොන්න. |
දුගී දුප්පත් අය කා බී තෘප්තිමත් වන්නෝ ය; හිමිතුමාණන් සොයන්නෝ එතුමාණන්ට ගී පසස් නඟන්නෝ ය. ඔව්හු සදහට ම සෞභාග්‍යය ලබත් වා!
මා සොහොයුරිය, මා මනාලිය, මම මාගේ උයනට අවුත්, මාගේ ගන්ධරස හා සුවඳ ද්‍රව්‍ය රැස් කරගතිමි. මී වදේ සමඟ මී පැණි කෑවෙමි. කිරි සමඟ මුද්‍රික පානය බීවෙමි. මිත්‍රයෙනි, කන්න; ප්‍රිය තැනැත්තෙනි, බොන්න. එසේ ය, ප්‍රේමයෙන් මත් වන තෙක් බොන්න.
නැති වී යන ආහාරය සඳහා නොව, සදාතන ජීවනයට ඉවහල් වන ආහාරය සඳහා වීර්ය වඩන්න. මේ ආහාරය ඔබට ප්‍රදානය කරන්නේ මනුෂ්‍ය-පුත්‍රයාණෝ ය. පියාණන් වන දෙවියන් වහන්සේ මුද්‍රාව තබා ඇත්තේ උන් වහන්සේ මත ය”යි වදාළ සේක.