ජෝසෙප් ඔවුන් සමඟ බෙන්ජමින් සිටිනු දුටු විට, තම ගෘහයේ කළමනාකරුට කතා කොට, “මේ මිනිසුන් මාගේ ගෘහයට ගෙන යන්න; සතෙකු මරා පිළියෙළ කරන්න; මාගේ ගෘහයේ ඔවුන් මා සමඟ දිවා භෝජනය වළඳනු ඇතැ”යි කීවේ ය.
හිතෝපදේශ 9:2 - Sinhala New Revised Version 2018 සතුන්ගේ මසින් ද රස කැවූ මිදිරසයෙන් ද ඇගේ මඟුල් මේසය පිළියෙළ කොට ඇත. Sinhala New Revised Version සතුන්ගේ මසින් ද රස කැවූ මිදිරසයෙන් ද ඇගේ මඟුල් මේසය පිළියෙළ කොට ඇත. Sinhala Revised Old Version ඇගේ සතුන් මරා, ඇගේ මුද්‍රිකපානය මිශ්‍රකොට, ඇගේ මේසයද පිළියෙළකර තිබේ. |
ජෝසෙප් ඔවුන් සමඟ බෙන්ජමින් සිටිනු දුටු විට, තම ගෘහයේ කළමනාකරුට කතා කොට, “මේ මිනිසුන් මාගේ ගෘහයට ගෙන යන්න; සතෙකු මරා පිළියෙළ කරන්න; මාගේ ගෘහයේ ඔවුන් මා සමඟ දිවා භෝජනය වළඳනු ඇතැ”යි කීවේ ය.
මම ඔබ ගෙනගොස් මාගේ මවුගේ ගෙට පමුණුවන්නෙමි. ඔබ මට උගන්වන්නෙහි ය. මිශ්‍ර කළ මුද්‍රික පානය ද දෙළුම් යුස ද මම ඔබට බොන්න දෙන්නෙමි.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මේ සියොන් කන්ද මත සියලු ජාතීන් හට ඉස්තරම් මුද්‍රික පානයෙන් හා රසමසවුලින් යුත් මංගල භෝජනයක් සූදානම් කරන සේක.