ඇගේ ම ගෙදර දොරකඩ හෝ නගරයේ ඉහළ ම තැන්වල හෝ ඈ අසුන්ගන්නී ය.
තමුන්ගේ මාර්ගවල කෙළින්ම යමින් ගමනේ යෙදෙන අයින්ට අඬගසන පිණිස,
එවැනි ගැහැණියකගෙන් දුරු වී සිටින්න; ඇගේ දොරකඩට වත් නොයන්න.
ඕ තොමෝ කඳු මුදුන්හි ද පාර අද්දර ද මංසන්දිවල ද සිටින්නී ය.
තමාගේ පාඩුවේ වැඩට යන මගීන් මුළා කරනු වස්
තමන් පිටත් කර යැවූ සේවිකාවන් ලවා, නගරයේ ඉහළ ම තැන සිට ඈ මෙසේ ආරාධනා කරන්නී ය:
නුඹ සියලු මංසන්ධිවල නුඹේ ගිරිකුළු දේවාල ගොඩනඟාගෙන, නුඹේ ශෝභමානකම පිළිකුල්කමට පමුණුවා, ළඟින් යන සියල්ලන්ට කම් සැප සඳහා සිරුර භාර දී වේශ්‍යාකම් පිට වේශ්‍යාකම් කරගත්තෙහි ය.