ඈ ඔහුගේ වස්ත්‍රයෙන් අල්ලාගෙන, “මා සමඟ සයනය කරන්නැ”යි කීවා ය. එහෙත් ඔහු තම වස්ත්‍රය ඇගේ අතේ හැරදමා ගෙයින් පිටතට පලා ගියේය.
හිතෝපදේශ 7:13 - Sinhala New Revised Version 2018 මෙසේ ඈ ඔහු අල්ලා සිඹගෙන, විළි ලජ්ජා කිසිත් නැති ව ඔහුට මෙසේ කීවා ය: Sinhala New Revised Version මෙසේ ඈ ඔහු අල්ලා සිඹගෙන, විළි ලජ්ජා කිසිත් නැති ව ඔහුට මෙසේ කීවා ය: Sinhala Revised Old Version මෙසේ ඈ ඔහු අල්ලා සිඹ, ලජ්ජා නැති මුහුණක් ඇතුව ඔහුට කථාකොට: |
ඈ ඔහුගේ වස්ත්‍රයෙන් අල්ලාගෙන, “මා සමඟ සයනය කරන්නැ”යි කීවා ය. එහෙත් ඔහු තම වස්ත්‍රය ඇගේ අතේ හැරදමා ගෙයින් පිටතට පලා ගියේය.
ටික කලක් ගත වූ පසු, ඔහුගේ ස්වාමියාගේ බිරිඳ ජෝසෙප් වෙත නෙත් හෙළා, “මා සමඟ සයනය කරන්නැ”යි කීවා ය.
මාගේ ජීවිතය නැසීමට මාන බලා සිටින්නන් හා මට සතුරු ව සැරසී සිටින්නන් දෙස බැලුව මැනව. මා අත පාපයක් හා වරදක් නොවූවත්,
මහෝත්තම දෙවි සමිඳාණන් මට උපකාර කරන බැවින් මම වියවුල් නොවන්නෙමි. මම නිර්භීත ලෙස මුහුණ පාන්නෙමි. මා ලජ්ජාවට නොපැමිණෙන බව දනිමි.
සියලු වේශ්‍යාවන්ට යම් මුදලක් ගෙවනු ලැබේ. එහෙත්, නුඹ නුඹේ සියලු පෙම්වතුන්ට නුඹේ මුදල් දී, නුඹ සමඟ වේශ්‍යාකම් කිරීමට, හැම අතින් ම නුඹ සමඟ කම් සැපෙහි යෙදෙන්න නුඹ ඔවුන්ට තෑගි බෝග දුන්නෙහි ය.
ඒ සෙනඟ මුරණ්ඩු දැඩි සිත් ඇත්තෝ වෙති. මම ඔවුන් වෙත නුඹ යවමි. නුඹ ද, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න.
“මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් නුඹට කහඹිලියා හා කටු ගස් මෙන් වුවත්, නුඹ ගෝනුස්සන් අතරේ වාසය කරන්නේ වී නමුත්, ඔවුන්ට වත්, ඔවුන්ගේ වචනවලට වත් බිය නොවන්න. ඔවුන්ගේ මුහුණේ පෙනුමට නොකැළඹෙන්න.
ඉශ්රායෙල්වරු ෂිට්ටිම් නම් මිටියාවතෙහි කඳවුරු බැඳගත්හ. ඔව්හු, මෝවබ් කාන්තාවන් සමඟ අනාචාරයේ හැසිරෙන්නට පටන්ගත්හ.
බලන්න, පේයොර් නම් ස්ථානයේ දී, බාලාම්ගේ උපදෙස් පිට ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව අපරාධ කෙළේ මොවුන් නිසා ය. සමිඳාණන් වහන්සේගේ ජනතාව අතර වංසගතයක් පැතිර ගියේත් ඒ නිසා ම ය.
එහෙත් ඔබට විරුද්ධ ව මේ චෝදනාව මට ඇත. තමා දිවැස්වරියකැ යි කියාගන්නා ජෙසබෙල් නම් ස්ත්‍රියට ඔබ අනුබල දෙන්නහු ය. කාමමිථ්‍යාචාරය කරන්නට ද දේවතා රූපවලට පිදූ පිදේනි කන්නට ද උගන්වමින් ඈ මාගේ සේවකයන් මුළා කරන්නී ය.