හිතෝපදේශ 7:1 - Sinhala New Revised Version 2018 මාගේ පුත්‍රය, මාගේ ඔවා බස් පිළිපදින්න; මාගේ ආඥා සිතෙහි තැන්පත් කරගන්න. Sinhala New Revised Version මාගේ පුත්‍රය, මාගේ ඔවා බස් පිළිපදින්න; මාගේ ආඥා සිතෙහි තැන්පත් කරගන්න. Sinhala Revised Old Version මාගේ පුත්‍රය, මාගේ කීම් රක්ෂාකොට මාගේ ආඥා නුඹ වෙත තබාගන්න. |
උන් වහන්සේ ද, “එසේ ය, දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින අය ඊටත් වඩා භාග්‍යවන්ත ය”යි වදාළ සේක.
සරු බිමේ වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ අවංක, පිරිසිදු සිතකින් වචනය අසා, පිළිපැද, නොපසුබට වීර්යයෙන් පල දරන අය ය.”
ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “යමෙක් මට ප්‍රේම කරන්නේ නම්, හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේ ය. මාගේ පියාණන් වහන්සේ ද ඔහුට ප්‍රේම කරන සේක. අපි ඔහු වෙතට පැමිණ ඔහු සමඟ වාසය කරන්නෙමු.
‘දාසයෙක් තම ස්වාමියාට වඩා උතුම් නොවේ ය’යි මා ඔබට වදාළ වචනය සිහි කරන්න. ඔව්හු මට පීඩා කළෝ නම්, ඔබටත් පීඩා කරන්නෝ ය; මාගේ වචනය පිළිපැද්දෝ නම්, ඔබගේ වචනයත් පිළිපදින්නෝ ය.
දෙවි සමිඳාණන් වහන්සේගේ අණපනත්වලට අකීකරු වී, මා අද දින නියම කරන මාර්ගයෙන් අන් අතකට හැරී, ඔබ නාඳුනන අන් දෙවිදේවතාවන් පසුපස යන්නහු නම්, එය සාපයක් වන්නේ ය.
මේ දිවැසි වාක්‍යය කියවන්නා ද, එහි වචනවලට සවන් දී ඒවා පිළිපදින්නෝ ද භාග්‍යවන්තයෝ ය. මන්ද, නියමිත කාලය ආසන්න ය.
ඔහු මට කතා කොට, “මට නමස්කාර නොකරන්න. මම ඔබේ ද, ඔබේ සහෝදර දිවැසිවරයන්ගේ ද මේ පොතේ වචන පිළිපදින්නන්ගේ ද හවුල් සේවකයෙක් වෙමි. දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කරන්නැ”යි කී ය.