ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හිතෝපදේශ 5:6 - Sinhala New Revised Version 2018

ඇය ජීවන මාර්ගය ගැන නොසලකයි; ඇගේ ක්‍රියා මාර්ග අස්ථිර ය, වගකීමෙන් තොර ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඇය ජීවන මාර්ගය ගැන නොසලකයි; ඇගේ ක්‍රියා මාර්ග අස්ථිර ය, වගකීමෙන් තොර ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඈට ජීවනයේ මාවත නොපෙනෙන ලෙස ඇගේ පාරවල් ඇදව තිබේ, ඈ ඒ බව නොදන්නීය.

පරිච්ඡේදය බලන්න



හිතෝපදේශ 5:6
12 හුවමාරු යොමු  

මම මාගේ හැසිරීම ගැන සිහිකර ඔබේ ශික්ෂා පද දෙසට යළි හැරෙන්නෙමි.


ඔබ මට ජීවන මඟ හෙළි කරන සේක. ඔබ අබිමුවෙහි පිරිපුන් සතුට මට වන්නේ ය. ඔබ දකුණු පස සැප සම්පත් සදහට ම ඇත්තේ ය.


දැහැමි ජීවිතයෙහි පිහිටි අය ජීවනය ලබති; නපුරු මඟ යන්නෝ මරණය ළඟා කර ගනිති.


ඈ වෙතට යන්නෙකු ආපසු එන්නේ නැත; ජීවන මාවත්වලට යළි පැමිණෙන්නේ නැත.


වෙසඟනකගේ කල්ක්‍රියාව මෙසේ ය: ඈ කම්සැපෙහි යෙදුණු පසු ඇඟපත සෝදාගෙන, “මා කළ වරදක් නැතැ”යි කියන්නී ය.


ඔබ යා යුතු මඟ හිතාමතා සලසාගන්න; එවිට ඔබ කරන සියල්ල ස්ථිර වනු ඇත.


මිනිසාගේ සියලු ක්‍රියා මාර්ග සමිඳාණන් අබිමුවෙහි ඇත. ඔහුගේ සියලු මාවත් එතුමන්ගේ තියුණු බැල්මට ලක් වී ඇත.


අමනකම වූ කලී, කටකාර, අනුවණ, විලිබිය නැති ගැහැණියක වැනි ය.


ඔවුන්ගේ ඇස් කාමුක බැල්මෙන් පිරී ඇත. ඔවුන්ගේ පාපාශාවන්ට තෘප්තියක් නැත. ඔව්හු වැනෙන සුලු පුද්ගලයන් වරදට පොළඹවන්නෝ ය. ඔව්හු තණ්හාවට ඇබ්බැහි වූ සිත් ඇත්තෝ ය. සාප ලත් දරුවෝ ය.