හිතෝපදේශ 4:15 - Sinhala New Revised Version 2018 නපුරෙන් වළකින්න, එයට ඉඩ නොදෙන්න; එය දුරින් දුරු කොට, ඉදිරියට යන්න. Sinhala New Revised Version නපුරෙන් වළකින්න, එයට ඉඩ නොදෙන්න; එය දුරින් දුරු කොට, ඉදිරියට යන්න. Sinhala Revised Old Version එයින් වැලකී, එහි නොගොස්, එයින් අහකට හැරී යන්න. |
බොරු පැමිණිලි කිරීමෙන් වැළකිය යුතු ය. නිදොස්, දැහැමි තැනැත්තා මරණයට පත් නොකළ යුතු ය. මන්ද, මම වරදකරුවන් නිදොස් නොකරන්නෙමි.
දඩයක්කාරයෙකු අතින් පැන දුවන තිත් මුවෙකු මෙන් ද උගුලක් ඇටවූ වැද්දෙකු අතින් ඉගිළී යන කුරුල්ලෙකු මෙන් ගැළවී යන්න.
නුඹලා අවංක ව කතා කරන්නහු නම්, හරි දේ කරන්නහු නම්, දුප්පතුන් රවටන්න නුඹලාගේ බලය පාවිච්චි නොකරන්නහු නම්, අල්ලස් නොගන්නහු නම්, මිනී මරන්න හා අනිකුත් අපරාධ කරන්න උපා යොදන අය සමඟ හවුල් නොවන්නහු නම්,