හිතෝපදේශ 4:1 - Sinhala New Revised Version 2018 මාගේ පුත්‍රයෙනි, පියාගේ අවවාදයට සවන් දෙන්න; නැණනුවණ ලැබීමට කන් යොමු කරන්න. Sinhala New Revised Version මාගේ පුත්‍රයෙනි, පියාගේ අවවාදයට සවන් දෙන්න; නැණනුවණ ලැබීමට කන් යොමු කරන්න. Sinhala Revised Old Version මාගේ පුත්‍රයෙනි, පියෙකුගේ ගුරුකම අසා, නුවණ දැනගැනීමට කන් යොමුකරන්න. |
මාගේ පුත්‍රය, මාගේ ප්‍රඥා සම්පතට සිත යොමු කරන්න; මාගේ විමංසන බුද්ධියට අවධානය යොමු කරන්න.
අපි වනාහි අපේ පිය වූ රේකාබ්ගේ පුත්‍ර වූ ජෝනාදාබ් අපට අණ කළ සියල්ල නොපිරිහෙළා පිළිපදිමින් ඔහුගේ හඬට කීකරු වීමු; කිසි කලක අපි වත්, අපේ භාර්යාවෝ වත්, අපේ පුත්‍රයෝ වත්, අපේ දූවරු වත් මුද්‍රික පානය නොබීවෙමු.
එබැවින් අප ඇසූ ඉගැන්වීම්වලින් ඈත් ව නොයන පිණිස ඒවා ගැන ඔබ වඩා සැලකිල්ලක් දැක්විය යුතු ය.