එහි කාමර අගනා සැරසිලිවලින් විසිතුරු කළ යුත්තේ බුද්ධියෙනි.
දැනගැන්මෙන්ද එහි කාමර සියලු ආකාර අනර්ඝවූ ප්‍රසන්නවූ වස්තුවලින් පිරෙන්නේය.
කුමක් නිසාද, ශුද්ධස්ථානයට අයිති භාණ්ඩ තිබෙන, සේවය කරන පූජකයන් ද දොරටු පාලකයන් ද ගායකයන් ද සිටින ඇතුළු ගෙවලට ඉශ්රායෙල්වරුන් ද ලෙවීවරුන් ද ධාන්‍යවලිනුත්, මිදියුසෙනුත්, තෙල්වලිනුත් පිළිගැන්වීමේ පඬුර ගෙනෙන්නට යුතු ය. තවද, අපි අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව අත් නොහරින්නෙමු.
ඔව්හු පර්වතවල බිංගෙවල් හාරා නන් වැදෑරුම් මැණික් සොයාගනිති.
සුදනන්ගේ නිවසෙහි සම්පත් බොහෝ ය; දුදනන්ගේ වස්තුව කරදර උපදවයි.
ලොවෙහි රන්මුතු කොතරම් ඇතත් නැණවත් කියමන දුර්ලභ මැණිකකි.
නැණවතාගේ නිවෙස සැපසම්පතින් පිරී ඇත. එහෙත් අනුවණයා නාස්තිකාරයෙකි.
පැණවතා බලවතාට වඩා උදාර ය. බුද්ධිමතා ශක්තිමතාට වඩා ශ්‍රේෂ්ඨ ය.
වස්තුව ද ගෞරවය ද අසීමිත සම්පත් ද දැහැමි ජීවිතයේ ආසිරි ද මා වෙත ඇත.
ඔවුන්ගේ ගබඩා පුරවා දමිටු මඟෙහි ද යුක්තියේ මංවල ද මම සැරිසරමි.
එවිට උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “එහෙයින් ස්වර්ග රාජ්‍යයෙහි ගෝලයෙකු බවට පත් වන යම් විනයධරයෙක් වේ ද, ඔහු සිය ගබඩාවෙන් නවීන දේත්, පැරණි දේත් පිටතට ගෙනෙන ගෘහ මූලිකයෙකුට සමාන ය”යි වදාළ සේක.