Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 24:4 - Sinhala Revised Old Version

4 දැනගැන්මෙන්ද එහි කාමර සියලු ආකාර අනර්ඝවූ ප්‍රසන්නවූ වස්තුවලින් පිරෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එහි කාමර අගනා සැරසිලිවලින් විසිතුරු කළ යුත්තේ බුද්ධියෙනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එහි කාමර අගනා සැරසිලිවලින් විසිතුරු කළ යුත්තේ බුද්ධියෙනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 24:4
16 හුවමාරු යොමු  

අනර්ඝ වස්තුවද තෙල්ද ප්‍රඥාවන්තයාගේ නිවසෙහි ඇත; එහෙත් අඥානයා ඒවා ගිලදමයි.


ධර්මිෂ්ඨයාගේ ගෙයි බොහෝ වස්තු තිබේ; එහෙත් දුෂ්ටයාගේ ආදායමෙහි කරදර ඇත්තේය.


රන්ද රතුකැට රාශියක්ද ඇත්තාහ; එහෙත් දැනගැන්ම ඇති තොල් අනර්ඝ මාණික්‍යයක්ය.


මම ධර්මිෂ්ඨකමේ මාර්ගයෙහිත් යුක්තියේ මාවත්වලත් හැසිරෙමි.


එවිට උන්වහන්සේ ඔවුන්ට කථාකොට: එහෙයින් ස්වර්ග රාජ්‍යය සඳහා ගෝලයෙක්වී සිටින යම් ලියන්නෙක් ඇද්ද, ඔහු තමාගේ ගබඩාවෙන් අලුත් දේත් පරණ දේත් පිටතට ගෙනෙන්නාවූ ගෙදර ස්වාමියෙකුට සමානයයි කීසේක.


මක්නිසාද ශුද්ධස්ථානයට අයිති භාණ්ඩ තිබෙන්නාවූ, සේවයකරන පූජකයන්ද දොරටුපාලයන්ද ගීතිකාකාරයන්ද සිටින්නාවූ ඇතුල් ගෙවලට ඉශ්‍රායෙල් පුත්‍රයන්ද ලෙවී පුත්‍රයන්ද ධාන්‍යවලිනුත් මුද්‍රික යුසයෙනුත් තෙල්වලිනුත් එසවීම් පඬුර ගෙනෙන්ට ඕනෑය. තවද අපි අපේ දෙවියන්වහන්සේගේ ගෘහය අත් නොහරින්නෙමු.


ප්‍රඥාවත් මනුෂ්‍යයා බලවන්තය; එසේය, දැනගැන්ම ඇති මනුෂ්‍යයා ශක්තිය වැඩිකරගනියි.


ඔහු පර්වතවල දිය පාරවල් කපා සියලු ආකාර අනර්ඝ දේ තමාගේ ඇසින් දකින්නේය.


වස්තුවද ගෞරවයද එසේය, පවතින සම්පත්ද ධර්මිෂ්ඨකමද මා වෙත තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්