ඔව්හු අබ්නේර් හෙබ්‍රොන්හි තැන්පත් කළහ. රජ ශබ්ද නඟා අබ්නේර්ගේ සොහොන් පොළේ දී හැඬී ය. මුළු සෙනඟත් හැඬූ හ.
හිතෝපදේශ 24:17 - Sinhala New Revised Version 2018 ඔබේ සතුරාගේ විපත ගැන සතුටු නොවන්න; ඔහුගේ වැටීම ගැන ප්‍රීති නොවන්න. Sinhala New Revised Version ඔබේ සතුරාගේ විපත ගැන සතුටු නොවන්න; ඔහුගේ වැටීම ගැන ප්‍රීති නොවන්න. Sinhala Revised Old Version නුඹේ සතුරා වැටෙන කල ප්‍රීතිනොවන්න; ඔහු පැකිලී වැටෙන කලද නුඹේ සිත ප්‍රීතිමත් නොවේවා. |
ඔව්හු අබ්නේර් හෙබ්‍රොන්හි තැන්පත් කළහ. රජ ශබ්ද නඟා අබ්නේර්ගේ සොහොන් පොළේ දී හැඬී ය. මුළු සෙනඟත් හැඬූ හ.
මට වෛර වූ අයට විනාශය පැමිණි විට මම සන්තෝෂ නොවූයෙමි. ඔවුන් විපතට අසු වූ විට ප්‍රීති නොවූයෙමි.
එහෙත්, මා විපතට වැටුණු දිනේ ඔව්හු මා අවටින් රැස් කකා ප්‍රීති වූ හ. මා නොදත් දුදනෝ නොනැවතී මට නිගා කළහ.
මාගේ සතුරෝ අයුක්ති සහගත ව මාගේ දුක ගැන ප්‍රීතිමත් නොවෙත් වා! මාගේ දුක් ගැනවිලි ගැන බැල්මෙන් සෙනඟ කුල්මත් නොවෙත් වා!
මාගේ සතුරෝ, ‘ඔබේ දෙවියෝ කොහේ දැ’යි නිරතුරු කියමින්, කඩුපතින් ඇන මාගේ ඉල ඇට කඩන්නාක් මෙන් නිගා කරති.
දිළිඳාට උසුළු-විසුළු කිරීම මැවුම්කාර දෙවිඳුට අවමන් කිරීමකි. අනුන්ගේ දුක් විපත් ගැන ප්‍රීති වෙන්නාට දඬුවම සිකුරු ය.
නුඹේ සහෝදරයාට පැමිණි විපත්ති ගැන නුඹ ප්‍රීති වීම නොහොබනේ ය. ජුදා වැසියන් විපතට පත් වූ දවසේ දී නුඹ සතුටු වීම හරි නැත. ඔවුන් දුක් විඳින අතර නුඹ ඔවුන්ට උඩඟුකමෙන් සරදම් කිරීම වැරදි ය.
මාගේ සතුරෙනි, මාගේ වැටීම ගැන ප්‍රීති නොවන්න. මම වැටී සිටින නමුත් නැවත නැඟිටින්නෙමි. මා දැන් අඳුරෙහි සිටින නමුත් සමිඳාණන් වහන්සේ මාගේ ආලෝකය වන සේක.
ඔවුන් ප්‍රීතියෙන් පිනා ගිය කල, “අප විනෝද කරන පිණිස සම්සොන් අඬගසාගෙන එන්න” කියා ඔව්හු හිරගෙයින් ඔහු ගෙන්වා ගත්තෝ ය. ඔහු ඔවුන් ඉදිරියෙහි ක්‍රීඩා කෙළේ ය. ඔව්හු කුලුණු අතරේ ඔහු සිටෙවුවෝ ය.