එවිට ඔබ කෑ දෙය වමාරාලීමට ඔබට සිදු වනු ඇත. ඔබ කළ ප්‍රශංසාවෙන් වැඩක් නොවනු ඇත.
නුඹ කෑ දෙය නුඹ වමාරන්නෙහිය, නුඹේ ප්‍රසන්න වචනද නැතිවන්නේය.
තමා ගිලගත් ධන සම්පත් ඔහු වමාරන්නේ ය; දෙවිඳාණෝ ඒවා ඔහුගේ උදරයෙන් පිට කරන සේක.
අනුවණයාට නුවණින් කතා කිරීමෙන් වැඩක් නැත; ඔබේ කීම්වල අගය තේරුම්ගන්න ඔහු අපොහොසත් ය.
මී පැණි ලදහොත් තරමට පමණක් කන්න; වැඩියෙන් කෑවොත් වමනය ඇති වේ.
නුඹේ සහෝදරයෝ, නුඹේ ම පවුලේ අය, නුඹට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය. ඔව්හු නුඹ ප්‍රසිද්ධියේ විවේචනය කළෝ ය. ඔවුන් නුඹ සමඟ හොඳින් කතා කළත් ඔවුන් විශ්වාස නොකරන්න.”