දරුවාට දඬුවම් කිරීමට අදිමදි නොකරන්න, කෝටු පාර දුන්නාට ඔහු මැරෙන එකක් නැත.
දරුවාගෙන් දඬුවම නොවලක්වන්න; ඉපලෙන් නුඹ ඔහුට තළන්නෙහි නම් ඔහු නගින්නේ නැත.
වේවැල නොගන්න පියා පුතාට සතුරෙකි; වේවැල ගන්න පියා පුතාට මිතුරෙකි.
බාල වියේ දී ම පුතුට දඬුවම් දී හික්මවන්න, එහෙත් මැරෙන තරම් ඔහුට නොතළන්න.
ළාමක වැඩ කිරීම ළමයින්ගේ සහජ ගතියකි. වේවැල භාවිතයෙන් එය දුරු කළ හැකි ය.
ඔබේ සිත විනයට ද ඔබේ කන් ප්‍රඥාවට ද යොමු කරන්න.
කෝටුව හා තරවටුව බුද්ධි වර්ධනය සලසයි; හිතු හිතූ දේ කරන දරුවා මවට ලජ්ජාවකි.
පුතු හික්මවන්න; එවිට ඔබේ සිතට සහනය ද ප්‍රීතිය ද ලැබෙයි.
ඔබගේ හික්මවීම පිණිස ඒ දඬුවම ඉවසන්න; දෙවියන් වහන්සේ ඔබ ගැන පුත්‍රයන්ට මෙන් ක්‍රියා කරන සේක. තම පුත්‍රයාට දඬුවම් නොකරන පියෙක් ඇද් ද?