වහා කිපෙන අයෙකු සමඟ මිත්‍ර නොවන්න; කෝපයෙන් පුපුරන කෙනෙකු ඇසුරු නොකරන්න.
තරහ ගති ඇත්තෙකු සමඟ මිත්‍රනොවෙන්න; කෝපාධික මනුෂ්‍යයෙකු සමඟ නොගැවසෙන්න.
නැණවතුන් ඇසුරු කරන්න, ඔබත් නැණවත් වනු ඇත; අනුවණයන් ඇසුරු කරන්න, ඔබ විනාශ වනු ඇත.
වහා කිපෙන සුලු මිනිසා කලහ උපදවයි; ඉවසිලිවන්තයා කලහ සංසිඳුවයි.
ගර්විත උඩඟු මිනිසාගේ නම ‘ගරහන්නා’ යනුයි. ඔහු උද්ධච්ඡ ව අහංකාරයෙන් ක්‍රියා කරයි.
කෝපාවිෂ්ට මිනිසා දබර උපදවයි; උදහසට පෙළඹෙන මිනිසා හැමවිට ම වරදට වැටෙයි.