දිළිඳා මොරගසන කල, සවන් නොදෙන්නාගේ කන්නලව්වට සවන් දෙන කෙනෙක් නැත.
දුප්පතාගේ කන්නලව්වට කන් වසාගන්නා මොරගසන කල ඔහුටත් උත්තර නොලැබේ.
මම මාගේ බඳ පටිය ගසා දමා, හිස් බව පෙන්වා, කතා කොට, “මේ පොරොන්දුව ඉෂ්ට නොකරන කවුරුන් නමුත්, තම තමාගේ ගෙයිනුත්, වැඩපළවලිනුත් දෙවියන් වහන්සේ මෙසේ ගසා දමන සේක් වා! ඔහු මෙසේ ගසා දමනු ලැබ හිස් වේවා”යි කීවෙමි. එවිට මුළු සභාව, “ආමෙන්” කියා සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළහ. සෙනඟ මේ පොරොන්දුවේ ප්‍රකාරයට කළෝ ය.
එසේ කෙළේ, මා දිළිඳාගේ දුක් අසා ඔවුන් මුදා ගත් බැවිනි; සරණක් නැති අනාථයන්ට මා ආධාර කළ බැවිනි.
ඔව්හු පිහිට සොයා මොරගසති. එහෙත්, ඔවුන්ට ගැළවුම්කාරයෙක් නැත. සමිඳුන්ට මොරගසති; එහෙත්, එතුමාණන්ගෙන් පිළිතුරක් නැත.
ඔවුන්ගේ වස විස සර්ප විස මෙන් වන්නේ ය. ඔව්හු කන් බිහිරි කරගත් පොළඟුන් වැනි ය.
එවිට ඔබ මට හඬගසන නමුත් මම උත්තර නොදෙමි; ඔබ හැමතැන ම මා සොයන නමුත් මා සම්බ වන්නේ නැත.
දිළිඳුන්ට දෙන අයට කිසි හිඟයක් නැත; දිළිඳුන් දෙස නොබලන අයට අධික සාපය ඇත.
“ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබටත් කමා කරන සේක.
ඔබ දෙන විනිශ්චයයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය. ඔබ මනින මිම්මෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ.
ගෙදර ස්වාමියා නැඟිට දොර වැසූ පසු ඔබ පිටත සිට දොරට තට්ටු කරමින්, ‘ස්වාමීනි, අපට දොර හැරිය මැනවැ’යි කියන කල, ‘නුඹලා කොතැනින් ආවාහු දැ යි නොදනිමි’යි ඔහු පිළිතුරු දෙනු ඇත.
එහෙත් ඔව්හු මහත් ශබ්දයෙන් මොරහඬගසා, තමන්ගේ කන් වසා ගෙන, එක සිතින් ඔහු පිටට කඩා පැන,
ලෞකික සම්පත් ඇති කෙනෙක්, තම සහෝදරයාගේ අගහිඟකම දැක දැකත්, ඔහුට අනුකම්පා නොකරත් නම්, දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේ ද?