හිතෝපදේශ 21:10 - Sinhala New Revised Version 2018 දුදනන්ගේ සිත නැමෙන්නේ නපුරට ම ය; ඔවුන්ගෙන් කිසිවෙකුට කරුණාවක් නැත. Sinhala New Revised Version දුදනන්ගේ සිත නැමෙන්නේ නපුරට ම ය; ඔවුන්ගෙන් කිසිවෙකුට කරුණාවක් නැත. Sinhala Revised Old Version දුෂ්ටයාගේ ආත්මය නපුරට ආශාවන්නේය; ඔහුගේ අසල්වාසියාට ඔහුගේ ඇස් හමුවෙහි කරුණාව නොලැබේ. |
ඔහු දිළිඳුන්ට නොමසුරු ව දෙන්නේ ය; ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය; ඔහු ගරු සම්මාන ලබා බලවත් වන්නේ ය.
ඔහු යහනේ සිටින විට පවා මැරවරකම් යෝජනා කරයි; අයහපත් මඟක ම හැසිරෙයි; නපුරු කිසිවකට පිළිකුල් නොකරයි.
දුෂ්ටයාගේ බලකොටුව මැටි පවුරක් මෙන් බිඳ වැටෙයි; එහෙත් දැහැමියන්ගේ පදනම් සදහට ම පවතියි.
ඔවුන් නපුරු දෙයට ඇලුම් කළාක් මෙන්, අපත් නපුරු දෙයට ඇලුම් නොකරන පිණිස, මේ සියල්ල සිදු වූයේ අපට පාඩමක් වශයෙනි.
දයාව නොපෙන්වූ තැනැත්තාට දයා විරහිත විනිශ්චයක් පැමිණෙන්නේ ය. දයාව, විනිශ්චය පසුබා ජය ගනී.
මන්ද, ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, කාමරාගයත්, මාංසික තෘෂ්ණාවත්, අහංකාරකමත් ඇතිවන්නේ පියාණන් වහන්සේගෙන් නොව ලෝකයෙන් ය.