එවිට ඔහු, “මමත් ඔබ මෙන් ම දිවැසිවරයෙක්මි, දේව දූතයෙක් සමිඳාණන් වහන්සේගේ වචනයෙන් මට කතා කොට, ‘ඔහු කෑම කන පිණිසත්, වතුර බොන පිණිසත් ඔබේ ගෙදරට කැඳවාගෙන එන්න’ කියා දැන්වී ය”යි පැවසී ය. ඔහු ඒ තැනැත්තාට මෙසේ කීවේ බොරුවකි.
හිතෝපදේශ 19:5 - Sinhala New Revised Version 2018 බොරු සාක්කි කියන්නාට දඬුවම් නියත ය; මුසාවාද දෙසන්නාට නිදහස් වීමක් නැත. Sinhala New Revised Version බොරු සාක්කි කියන්නාට දඬුවම් නියත ය; මුසාවාද දෙසන්නාට නිදහස් වීමක් නැත. Sinhala Revised Old Version බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටියි; මුසාවාද නික්මවන්නා නිදහස් නොවන්නේය. |
එවිට ඔහු, “මමත් ඔබ මෙන් ම දිවැසිවරයෙක්මි, දේව දූතයෙක් සමිඳාණන් වහන්සේගේ වචනයෙන් මට කතා කොට, ‘ඔහු කෑම කන පිණිසත්, වතුර බොන පිණිසත් ඔබේ ගෙදරට කැඳවාගෙන එන්න’ කියා දැන්වී ය”යි පැවසී ය. ඔහු ඒ තැනැත්තාට මෙසේ කීවේ බොරුවකි.
එහෙත්, ඔහුට දඬුවම් නොකර නාරින්න; ඔබ පැණවත් මිනිසෙකු බැවින් ඔහුට කළ යුතු දේ කුමක් දැ යි ඔබ දන්නෙහි ය. ඔහුගේ මහලු වයසේ දී ලේ වගුරුවා මැරෙන්න සලස්වන්න.”
“නුඹලා අසත්‍ය ප්‍රකාශයක් නොකළ යුතු ය. බොරු සාක්ෂි දෙමින් වරදකරුවෙකුට උදව් නොකළ යුතු ය.
‘නුඹේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිත නොකරන්න. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිත කරන්නේ ද ඔහුට උන් වහන්සේ දඬුවම් කරන සේක.