ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හිතෝපදේශ 18:24 - Sinhala New Revised Version 2018

සමහර මිතුරෝ කලකට පමණ ය. සමහර මිතුරෝ සොහොයුරන්ටත් වඩා හිතවත් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සමහර මිතුරෝ කලකට පමණ ය. සමහර මිතුරෝ සොහොයුරන්ටත් වඩා හිතවත් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

බොහෝ මිත්‍රයන් ඇතිකරගන්නා නාස්තියට පැමිණේ; එහෙත් සහෝදරයෙකුට වඩා ඇලුම්වෙන මිත්‍රයෙක් ඇත්තේය.

පරිච්ඡේදය බලන්න



හිතෝපදේශ 18:24
17 හුවමාරු යොමු  

මාගේ සොහොයුරු වන ජොනතන්, ඔබ ගැන මම වියෝ දුකින් පසු වෙමි. ඔබ මට ඉතා පියකරු ව සිටියෙහි ය. මා කෙරෙහි වූ ඔබේ ආදරය පුදුම ය; වනිතාවකගේ ආදරයට වඩා මහත් ය.


ඉත්තයි රජුට උත්තර දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සිටින්නේ යම් තැනක ද, එතැන ම මැරෙන්නට හෝ ජීවත් වන්නට හෝ ඔබේ මෙහෙකරුවා සිටින්නේ යයි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද දිවුරා කියමි”යි කී ය.


අබ්සලොම් ද, “ඔබේ මිතුරා කෙරෙහි ඇති ඔබේ කරුණාව කුමක් ද? ඔබේ මිතුරා සමඟ නො‍ගියේ මන්දැ”යි හූෂයිගෙන් ඇසී ය.


එහෙත්, දාවිත් සහ සාවුල්ගේ පුත් ජොනතන් තම තමන් අතර සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කරන ලද දිවුරුම නිසා රජ සාවුල්ගේ පුත්‍ර වන ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත් ඉතුරු කෙළේ ය.


මිතුරුතුමෝ දුක් සැප දෙකෙහි ම මිතුරෝ ය; සොහොයුරන් සිටින්නේ විපතේ දී අත දීමට ය.


ඔබේ ම මිත්‍රයා ද පියාගේ මිත්‍රයා ද අත් නාරින්න. විපතේ දී නෑයින් වෙත නොයන්න. ළඟ සිටින මිතුරා දුර සිටින නෑයාට වඩා අගනේ ය.


සඳුන්, කපුරු, සුවඳ විලවුන් මන පිනවයි; හිරිහැර, කරදර සිත දෙදරවයි.


දාවිත් සාවුල්ට කතා කොට නිම වූ කල ජොනතන්ගේ සිත දාවිත් දෙසට තදින් ඇදී ගොස්, ජොනතන් සිය පණට මෙන් දාවිත්ට ප්‍රේම කෙළේ ය.


ජොනතන් සිය පණට මෙන් දාවිත්ට ප්‍රේම කළ බැවින් ඔහු සහ දාවිත් ගිවිසුමක් කරගත්හ.