ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හිතෝපදේශ 15:21 - Sinhala New Revised Version 2018

අනුවණයා හට මෝඩකම ප්‍රීතියකි; එහෙත් නැණවතා කෙළින් ඉදිරියට ම යයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අනුවණයා හට මෝඩකම ප්‍රීතියකි; එහෙත් නැණවතා කෙළින් ඉදිරියට ම යයි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුවණ නැත්තාට මෝඩකම ප්‍රීතියකි; එහෙත් ඥානවන්තයා සෘජුලෙස හැසිරෙයි.

පරිච්ඡේදය බලන්න



හිතෝපදේශ 15:21
13 හුවමාරු යොමු  

එතුමාණෝ මිනිසාට මෙසේ වදාළ සේක: ‘දෙවිඳුන්ට ගරුබිය දැක්වීම ප්‍රඥාව වේ. නපුරෙන් වැළකී සිටීම නැණ නුවණ වේ.’ ”


දේව ගරුබිය පෑම ප්‍රඥාවේ මුල් පියවර වේ; එය පිළිපදින සියල්ලන්ට මනා බුද්ධිය ඇති වන්නේ ය. එතුමාණන්ගේ ප්‍රශංසාව සදාකල් පවත්නේ ය.


අනුවණයාගේ විනෝදය නපුරු ක්‍රියා කිරීම ය; නුවණැත්තාගේ ප්‍රීතිය ප්‍රඥාව ලැබීම ය.


සිය අසල්වැසියා හෙළා දකින්නා අනුවණයෙකි; එහෙත් නුවණැත්තා නිහඬ ව සිටියි.


ප්‍රඥාවන්තයා නපුරට බිය වී ඉන් ප්‍රවේසම් වෙයි; අඥානයා උඩඟු වී දුර දිග නොබලා, ක්‍රියා කරයි.


නැණනුවණ ඇති අය ජීවන මඟ තේරුම්ගනිති; අනුවණ අය සිය මෝඩකමින් මංමුළා වෙති.


අනුවණයාට පාපය සෙල්ලමකි; අවංක අයට පාප කමාව අවශ්‍ය දෙයකි.


උවදෙස් නැති ව හදන සැලැස්ම නිසරු වෙයි; බොහෝ උවදෙස් ඇති විට එය සරු වෙයි.


දෙසිත් නැති ව එක එල්ලේ කෙළින් බලන්න; දෙගිඩියාවෙන් තොර ව ඉදිරිය බලා යන්න.


ඔබ යා යුතු මඟ හිතාමතා සලසාගන්න; එවිට ඔබ කරන සියල්ල ස්ථිර වනු ඇත.


එබැවින් ඔබ ජීවත් වන පිළිවෙළ ගැන ඉතා සැලකිලිමත් වන්න. අඥානයන් මෙන් නොව, ඥානවන්තයන් මෙන් ජීවත් වන්න.


ඔබ අතර පැණවත් නැණවත් යමෙක් සිටී ද? එසේ නම් ඔහු තමාගේ සදාචාරයෙන් ද ප්‍රඥාවෙන් ඇති වන විනීත ක්‍රියාවලින් ද එය ප්‍රකාශ කෙරේ වා.