දේව ගරුබිය පෑම ප්‍රඥාවේ මුල් පියවර වේ; එය පිළිපදින සියල්ලන්ට මනා බුද්ධිය ඇති වන්නේ ය. එතුමාණන්ගේ ප්‍රශංසාව සදාකල් පවත්නේ ය.
හිතෝපදේශ 13:15 - Sinhala New Revised Version 2018 හොඳ නැණනුවණ නිසා කරුණාව ලැබෙයි; ද්‍රෝහීන්ගේ මාර්ගය විනාශය බලා යයි. Sinhala New Revised Version හොඳ නැණනුවණ නිසා කරුණාව ලැබෙයි; ද්‍රෝහීන්ගේ මාර්ගය විනාශය බලා යයි. Sinhala Revised Old Version හොඳ නුවණ නිසා කරුණාව ලැබේ; එහෙත් ද්‍රෝහීන්ගේ මාර්ගය රළුය. |
දේව ගරුබිය පෑම ප්‍රඥාවේ මුල් පියවර වේ; එය පිළිපදින සියල්ලන්ට මනා බුද්ධිය ඇති වන්නේ ය. එතුමාණන්ගේ ප්‍රශංසාව සදාකල් පවත්නේ ය.
කාර්යක්ෂම නිලධාරීන් හට නිරිඳෝ ප්‍රසන්න වෙති; යුතුකම් පැහැර හරින අයට ඔව්හු දඬුවම් දෙති.
නුඹේ නපුරුකම නුඹට පඩිසන් දෙයි; මට ද්‍රෝහි වීම නුඹට දොස් පවරයි. නුඹේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ අත්හැරදමා යාමත්, මා කෙරෙහි තවත් ගරුබිය නොදැක්වීමත් කොතරම් නපුරු අප්‍රිය දෙයක් දැ යි හොඳින් සලකා බලන්න. මෙසේ වදාරන්නේ සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ය.”
ජේසුස් වහන්සේ ප්‍රඥා මහිමයෙන් හා කාය ශක්තියෙන් ද දෙවියන් වහන්සේගෙන් හා මිනිසුන්ගෙන් ප්‍රසාදය ලබමින් ද වැඩුණු සේක.
සියලු දුක්වලින් ඔහු මුදා, මිසරයේ රජ වූ පාරාවෝ ඉදිරියෙහි වරප්‍රසාදයත් ප්‍රඥාවත් ඔහුට දුන් සේක. පාරාවෝ තෙමේ මිසරයට ද තමාගේ මුළු රජ ගෙදරට ද, පාලකයා ලෙස ඔහු පත් කෙළේ ය.
එයින් කුමන ප්‍රතිඵලයක් ඇති වී ද? ඇති වූයේ ඔබ දැන් ලජ්ජාවට පමුණුවන, මරණයෙන් කෙළවර වන ප්‍රතිඵලය යි.