ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හිතෝපදේශ 10:5 - Sinhala New Revised Version 2018

ගිම්හානයෙහි අස්වැන්න රැස් කරන්නා නැණවත් පුතෙකි; අස්වැන්න කාලයෙහි නිදන්නා නින්දිත පුතෙකි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ගිම්හානයෙහි අස්වැන්න රැස් කරන්නා නැණවත් පුතෙකි; අස්වැන්න කාලයෙහි නිදන්නා නින්දිත පුතෙකි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ග්‍රීෂ්ම කාලයෙහි රැස්කරගන්නා ඥානවන්ත පුත්‍රයෙක්ය; ගොයම් කපන කාලයෙහි නිදන්නා ලජ්ජා ඇතිකරවන පුත්‍රයෙක්ය.

පරිච්ඡේදය බලන්න



හිතෝපදේශ 10:5
10 හුවමාරු යොමු  

අලසකමින් දිළිඳුකම උපදියි; කඩිසරකමින් ධනය උපදියි.


දැහැමියන්ගේ හිස මත ආසිරි පැතිරෙයි; දුදනන්ගේ වචනවල සැහැසිකම සැඟවෙයි.


ගුණසම්පන්න වනිතාව ඇගේ ස්වාමි පුරුෂයාට කිරුළකි; එහෙත් ඔහුට අවමන් ගෙන දෙන කාන්තාව ඔහුගේ ඇටකටුවලට පිළිකාවකි.


නාස්තිකාර පුතෙකු සිටින තැන සිහි නුවණ ඇති දාසයා පාලකයා වෙයි. සොහොයුරන් අතර උරුමයෙන් කොටසක් ද ඔහු ලබයි.


පියාට ගරහන, මව ගෙදරින් පිටමං කරන පුතා, හිරිඔතප් නැති, නින්දිත කෙනෙකි.


තණපත් මැලවුණ විට ළා තණ නැගෙයි. කඳු මත පලා ජාති එක්රැස් කරනු ලැබෙයි.


කුරාකුහුඹුවෝ දුබල සත්තු ය; එහෙත් ගිම්හානයේ දී උන් කෑම රැස් කර තබති.


අලසය, කුහුඹුවා වෙත ගොස් උගේ ගතිපැවතුම් බලා නැණවත් වන්න.


එහෙත් ඌ ගිම්හානයේ දී ආහාර සපයා ගනියි; ගොයම් කපන සමයේ දී කෑම රැස් කර තබයි.