ෂිනාර් දේශයෙහි ඔහු පාලනය කළ පළමු වන රාජ්‍යයට බාබෙල්, එරෙක්, අක්කද් සහ කල්නේ යන පෙදෙස් අයත් විය.
සෙකරියා 5:11 - Sinhala New Revised Version 2018 “ඔවුන් එය ගෙන යන්නේ ෂිනාර් දේශයට ය; එහි දේවාලයක් සාදන පිණිස ය; එය තනා නිම වූ විට ඒ භාජනය එහි තබනු ලබන්නේ ය”යි කී ය. Sinhala New Revised Version “ඔවුන් එය ගෙන යන්නේ ෂිනාර් දේශයට ය; එහි දේවාලයක් සාදන පිණිස ය; එය තනා නිම වූ විට ඒ භාජනය එහි තබනු ලබන්නේ ය”යි කී ය. Sinhala Revised Old Version ෂීනාර් දේශයේ ඈට ගෙයක් ගොඩනගන්ටය. ඒක පිහිටෙවු කල්හි ඈ එහි ඇගේම ඉඩමෙහි සිටුවනු ලබන්නීයයි ඔහු මට කීය. |
ෂිනාර් දේශයෙහි ඔහු පාලනය කළ පළමු වන රාජ්‍යයට බාබෙල්, එරෙක්, අක්කද් සහ කල්නේ යන පෙදෙස් අයත් විය.
නැගෙනහිර දිශාවට යන අතර ෂිනාර් නම් ප්‍රදේශයේ තැනිතලාවක් සම්බ වී, ඔව්හු එහි පදිංචි වූ හ.
එසමයෙහි ෂීනාර්හි රජ වූ අම්රාපෙල් ද, එල්ලාසාර්හි රජ වූ අරියොක් ද, එලාම්හි රජ වූ කෙදොර්-ලායොමෙර් ද, ගෝයිම්හි රජ වූ තිදාල් ද යන රජවරු වූ හ.
ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ අසිරියාවේ ද මිසරයේ ද පත්‍රෝසේ ද එතියෝපියාවේ ද ඒලාමේ ද ෂීනාරේ ද හමාතේ ද මුහුදේ දිවයින්වල ද ඉතිරි වූ සිය පිරිස ආපසු ගෙනෙන්නට සිය බලය නැවත මෙහෙයවන සේක.
කුමක් නිසා ද, ඔහු බබිලෝනියේ සිටින සෙනඟ දීර්ඝ කාලයක් වහල්කමේ සිටින බවත්, ඔවුන් ගෙවල් ගොඩනඟා එහි වාසය කළ යුතු බවත්, වතු වවා ඒවායේ පල අනුභව කළ යුතු බවත් අපට ලියා එවූ නිසා ය.”
මෙලෙස ඉශ්රායෙල් සෙනඟ බොහෝ දවස් රජ කෙනෙකු වත්, අධිපතියෙකු වත්, පුද පූජා වත්, රූපස්ථම්භ වත්, පිළිම වත්, ඉටුදෙව් රූප වත්, නැති ව සිටිනු ඇත.
ඔව්හු කඩු මුවහතින් වැටෙන්නෝ ය; සියලු විජාතීන්ගේ රටවලට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝ ය; විදේශීන්ගේ පාලන අවදිය නිම වනතෙක් ජෙරුසලම විජාතීන් විසින් මඬිනු ලබන්නී ය.”
සමිඳාණන් වහන්සේ ඔබටත්, ඔබේ පෙළපතටත් පුදුමාකාර, භයානක, කල් පවතින වසංගත හා කල් පවතින දරුණු ලෙඩරෝග පමුණුවන සේක.