එවිට එම ෂෙෂ්බශර් අවුත් ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දැමුවේ ය. එතැන් පටන් මේ දක්වා එය ගොඩනඟාගෙන යන නමුත් තව ම එය නිමකර නැතැ’යි අපට කීවෝ ය.
සෙකරියා 4:9 - Sinhala New Revised Version 2018 එය මෙසේ ය: “සෙරුබ්බාබෙල් දේව මාලිගාවේ අත්තිවාරම් දමා ඇත. ඔහු ම ගොඩනැඟිල්ල නිම කරනු ඇත. මෙය සිදු වූ විට මාගේ සෙනඟ වෙත මා නුඹ යැවූ බව ඔවුන් දැනගනු ඇත. Sinhala New Revised Version එය මෙසේ ය: “සෙරුබ්බාබෙල් දේව මාලිගාවේ අත්තිවාරම් දමා ඇත. ඔහු ම ගොඩනැඟිල්ල නිම කරනු ඇත. මෙය සිදු වූ විට මාගේ සෙනඟ වෙත මා නුඹ යැවූ බව ඔවුන් දැනගනු ඇත. Sinhala Revised Old Version සෙරුබ්බාබෙල්ගේ අත්වලින් මේ ගෘහයේ අත්තිවාරම තැබුවාක්මෙන් ඔහුගේ අත්වලින් ඒක තීන්දුකරනවා ඇත; එසේ සේනාවල ස්වාමීන්වහන්සේ නුඹලා ළඟට මා එවූ බව නුඹ දැන ගන්නවා ඇත. |
එවිට එම ෂෙෂ්බශර් අවුත් ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දැමුවේ ය. එතැන් පටන් මේ දක්වා එය ගොඩනඟාගෙන යන නමුත් තව ම එය නිමකර නැතැ’යි අපට කීවෝ ය.
දැන් මා ළඟට පැමිණ මා කියන දේට සවන් දෙන්න. මම කිසිවක් නොසඟවා මුල සිට ම ප්‍රකාශ කෙළෙමි, මුල සිට ම මැවීම සමඟ මම සිටියෙමි.” ‘දෙවි සමිඳාණෝ සිය බලය මට දී මා එවූ සේකැ’යි සයිරස් කීවේ ය.
නව වන මාසයේ විසිහතර වන දා වන, දේව මාලිගාවේ අත්තිවාරම් දැමූ මේ දවසේ දී නුඹලාට සිදු වී ඇති දේ ගැන හොඳට කල්පනා කර බලන්න.
අනුකම්පාව දක්වන පිණිස මම ජෙරුසලමට නැවත පැමිණ සිටිමි; මාගේ මාලිගාව නැවත ගොඩනඟනු ලැබේ. ඒ නගරය ප්‍රතිසංස්කරණය කරනු ලැබේ.
ඒ කාලයේ දී බොහෝ ජාතීහු සමිඳාණන් වහන්සේට එක් වී උන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය. උන් වහන්සේ ඔවුන් සමඟ වැඩවසන සේක. එවිට උන් වහන්සේ ඔබ වෙත මා එවූ බව ඔබ දැනගන්නහු ය.
සියලු මනුෂ්‍ය ජාතීනි, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්ද වන්න. උන් වහන්සේ ස්වකීය ශුද්ධස්ථානයෙන් නැඟිට වඩින සේක.
දුර බැහැර අය පැමිණ සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනැඟීමට උදව් වන්නෝ ය. එවිට සියලු බලැති සමිඳාණන් වහන්සේ මා නුඹලා වෙත එවූ බව නුඹලා දැනගන්නහු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණට නුඹලා මුළුමනින් කීකරු වන්නහු නම් මෙසේ සිදු වනු ඇත.”
මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය.
පියාණෙනි, මා මෙසේ යාච්ඤා කරන්නේ ඔබ මා තුළ ද මා ඔබ තුළ ද සිටින්නාක් මෙන්, ඔවුන් ද අප තුළ ඒකත්වයක් වන පිණිසත්, ඔබ මා එවා වදාළ බව ලෝකයා විශ්වාස කරන පිණිසත් ය.
දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ, ලෝකයා විනිශ්චය කරන පිණිස නොව, උන් වහන්සේ කරණකොටගෙන ලෝකයා ගළවනු ලබන පිණිස ය.
ඇදහිල්ලේ කර්තෘවරයාණන් ද එහි පරිපූරකයාණන් ද වන ජේසුස් වහන්සේ දෙස ම නෙත් යොමා, අපට දිවීමට ඇති ධාවනය නොපසුබට, වීර්යයෙන් දුවමු. උන් වහන්සේ තමන් ඉදිරියෙහි වූ ප්‍රීතිය නිසා, කුරුසියේ අවමානය නොතකා, එහි වධ විඳ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණත අසුන් ගත් සේක.