එස්රා 5:16 - Sinhala New Revised Version 201816 එවිට එම ෂෙෂ්බශර් අවුත් ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දැමුවේ ය. එතැන් පටන් මේ දක්වා එය ගොඩනඟාගෙන යන නමුත් තව ම එය නිමකර නැතැ’යි අපට කීවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 එවිට එම ෂෙෂ්බශර් අවුත් ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දැමුවේ ය. එතැන් පටන් මේ දක්වා එය ගොඩනඟාගෙන යන නමුත් තව ම එය නිමකර නැතැ’යි අපට කීවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 එවිට එම ෂෙෂ්බශර් ඇවිත් යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම තැබුවේය. එතැන් පටන් මේ ගෘහය ගොඩනගන්ට කෝරෙෂ් රජු විසින් නියෝගයක් කරනලදදැයි බබිලෝනියේ තිබෙන රජ්ජුරුවන්ගේ භාණ්ඩාගාරයෙහි සොයා බලවා මේ කාරණය ගැන රජ්ජුරුවන්ගේ කැමැත්ත අපට දන්වා එවුව මැනව කියාය. පරිච්ඡේදය බලන්න |
ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාවට ඔවුන්ගේ පැමිණීමෙන් පසු, දෙ වන අවුරුද්දේ දෙ වන මාසයේ දී ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ජෝශාදාක්ගේ පුත් ජෝෂුවා ද එහි වැඩ පටන්ගත්හ. ඔවුන්ගේ සෙසු සහෝදරයෝ ද පූජකයෝ ද ලෙවීවරු ද විප්‍රවාසයෙන් මිදී ජෙරුසලමට පැමිණි සියල්ලෝ ද ඔවුන්ට සහාය වූ හ. ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ බලාගැනීමට විසි අවුරුදු හා ඊට වැඩි වයසැති ලෙවීවරුන් පත් කළෝ ය.