සෙකරියා 2:2 - Sinhala New Revised Version 2018 “ඔබ කොහේ යනවා දැ”යි මම ඔහුගෙන් ඇසීමි. “ජෙරුසලම මැන, එය කොපමණ දිග ද කියාත්, කොපමණ පළල ද කියාත් බලන පිණිස මම යමි”යි ඔහු පිළිතුරු දුන්නේ ය. Sinhala New Revised Version “ඔබ කොහේ යනවා දැ”යි මම ඔහුගෙන් ඇසීමි. “ජෙරුසලම මැන, එය කොපමණ දිග ද කියාත්, කොපමණ පළල ද කියාත් බලන පිණිස මම යමි”යි ඔහු පිළිතුරු දුන්නේ ය. Sinhala Revised Old Version එවිට මම: නුඹ කොතනට යනවාදැයි ඇසීමි. යෙරුසලමේ පළල කොපමණද කියාත් දිග කොපමණද කියාත් මැන බලන පිණිසයයි මට කීවේය. |
උන් වහන්සේ මා එතැනට පැමිණෙවූ විට, ලෝකඩ නිර්මාණයක් වැනි පෙනීමක් ඇති මිනිසෙකු තමාගේ අතේ හණ ලණුවක් ද මනින දණ්ඩක් ද ඇති ව දොරටුව ළඟ සිටිනු දිටිමි.
“නුවර කොටස පිණිස කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් දෙකහමාරක් පළල ද ඇති ඉඩමක් ශුද්ධ කොටස ළඟ නියම කරන්න. එය මුළු ඉශ්රායෙල් වංශයට අයිති වන්නේ ය.”
අනුකම්පාව දක්වන පිණිස මම ජෙරුසලමට නැවත පැමිණ සිටිමි; මාගේ මාලිගාව නැවත ගොඩනඟනු ලැබේ. ඒ නගරය ප්‍රතිසංස්කරණය කරනු ලැබේ.
එහෙත් දැන් මා එවා වදාළ තැනැන් වහන්සේ වෙතට යමි. එසේ වුව ද, ‘ඔබ කොහේ යන්නේ දැ’යි ඔබ අතරෙන් කිසිවෙක් මගෙන් නොඅසති.
ඉන්පසු දිග සැරයටියක් වැනි කෝදුවක් මට දෙන ලද්දේ ය. “නැඟිට දෙවියන් වහන්සේගේ මාලිගාව ද පූජාසනය ද මැන, එහි නමස්කාර කරන්නන් ගණන් කරන්න.