ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




සෙකරියා 1:12 - Sinhala New Revised Version 2018

එවිට, “සියලු බලැති සමිඳාණන් වහන්ස, සැත්තෑ වසක් තුළ උන් වහන්සේගේ උදහසට ලක් වූ ජෙරුසලමට හා ජුදාහි නගරවලට තව කොපමණ කල් අනුකම්පා නොකර සිටින සේක් දැ”යි සමිඳාණන් වහන්සේගේ දූතයා ඇසී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට, “සියලු බලැති සමිඳාණන් වහන්ස, සැත්තෑ වසක් තුළ උන් වහන්සේගේ උදහසට ලක් වූ ජෙරුසලමට හා ජුදාහි නගරවලට තව කොපමණ කල් අනුකම්පා නොකර සිටින සේක් දැ”යි සමිඳාණන් වහන්සේගේ දූතයා ඇසී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා උත්තරදෙමින්: සේනාවල ස්වාමීන්වහන්ස, ඔබ විසින් දැනට සැත්තෑ අවුරුද්දක් උදහස දැක්වූ යෙරුසලමටත් යූදාහි නුවරවලටත් කොපමණ කල් අනුකම්පා නොකර සිටිනසේක්දැයි කීවේය.

පරිච්ඡේදය බලන්න



සෙකරියා 1:12
24 හුවමාරු යොමු  

මෙසේ වූයේ ජෙරමියාගේ මුඛයෙන් කියවන ලද සමිඳාණන් වහන්සේගේ වචනය සම්පූර්ණ වන පිණිස ය. ඒ වචනය නම්, “නොපවත්වන ලද සබත් විශ්‍රාමය පිරිමසන පිණිස සැත්තෑ අවුරුද්දක් දේශය පාළු වනු ඇත” යන්න යි.


එසේ වී ඇත්තේ, ඔබේ කෝපය හා උදහස නිසා ය; ඔබ මා උසස් කොට පහතට හෙළා ඇති නිසා ය.


ඔබ පිබිද සියොන්ට කරුණා කරන සේක. ඊට අනුකම්පා කළ යුතු කාලය දැන් ය; නියම කාලය පැමිණ තිබේ.


අනේ දෙවිඳුනි! ඔබ මාගේ මෝඩකම දන්න සේක. මාගේ වැරදි ඔබෙන් සැඟවී නැත්තේ ය.


දෙවිඳුනි, එදිරිකාරයා කොපමණ කලක් ඔබට නින්දා කරන්නේ ද? ඔහු ඔබේ නාමයට සදහට ම ගරහන්නේ ද?


අහෝ සමිඳුනි! ඔබ කොපමණ කල් කෝප වී සිටින සේක් ද? සදහට ම ද? ඔබේ උදහස කොපමණ කල් ගින්න මෙන් දැවෙන්නේ ද?


මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයක් ඇත; කඩා දමන්නට කාලයක් සහ ගොඩනඟන්නට කාලයක් ඇත;


මම මාගේ සෙනඟ කෙරෙහි උදහස් වී, ඔවුන් මට අයිති නැති හැටියට සලකා නුඹ අතට පාවා දිනිමි. නුඹ ඔවුන්ට කිසි ම අනුකම්පාවක් නොපෙන්වා, මහල්ලන්ට පවා ඉසිලිය නොහැකි බර පැටෙව්වෙහි ය.


ඔවුන්ගේ සියලු දුක් කරදරවල දී දුක් වූ සේක. ඔවුන් ගැළෙව්වේ දේව දූතයෙකු නොව සමිඳාණෝ ම ය. එතුමාණෝ ස්වකීය ප්‍රේමයෙන් හා දයාවෙන් ඔවුන් මුදාගත් සේක. පසුගිය කාලයේ දී නොකඩවා ඔවුන් නැඟිටුවා, එතුමාණෝ ආරක්ෂා කළ සේක.


දේශය වේළී තිබෙන්නේත්, මුළු රටේ තණ කොළ මැලවී යන්නේත් කොපමණ කාලයකට ද? එහි වැසියන්ගේ දුෂ්ටකම නිසා මෘගයෝ ද පක්ෂීහු ද මිය යති. “ඔබ අපේ අවසානය නොදකින සේකැ”යි ඔව්හු කියති.


විනෝදකාමීන්ගේ සමාගමෙහි හිඳගෙන මම ප්‍රීති නොවීමි. මට විරුද්ධ ව අත එසෙවූ බැවින් ඔවුන්ගෙන් වෙන් වී මම කෝපයෙන් පිරී සිටියෙමි.


“තවද, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බබිලෝනියේ අවුරුදු සැත්තෑව සම්පූර්ණ වූ පසු මම නුඹලා ගැන සලකා ආපසු නුඹලාගේ මවුබිමට නුඹලා පැමිණවීමට මා කළ පොරොන්දුව ඉෂ්ට කරන්නෙමි.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම ජාකොබ්ගේ පරපුර සිය දේශයට ආපසු පමුණුවා හැම පවුලකට ම වාසස්ථානයක් ලැබීමේ භාග්‍යය නැවත දෙන්නෙමි. නගරය ද එහි කන්ද පිට ගොඩනඟනු ලැබ, මාලිගාව තිබුණු හැටියට ම පිහිටුවනු ලබන්නේ ය.


සමිඳාණන් වහන්ස, ඔබ සවන් දෙන තෙක්, සවන් දී බලහත්කාරයෙන් අප මුදන තෙක් මම කොපමණ කල් ඔබට මොරගසම් ද?


බලන්න, රාත්‍රි කාලයේ රතු අශ්වයෙකු පිට නැඟී සිටි මිනිසෙක් මට දර්ශනය විය. මිටියාවතේ තිබුණු රටමරඳ ගස් අතරේ ඔහු නතර වී සිටියේ ය. ඔහු පිටිපස්සේ රතු පාට, දුඹුරු පාට හා සුදු පාට අශ්වයෝ සිටියහ.


“දේශයේ සෙනඟටත් පූජකයන්ටත් කතා කොට, ඔවුන් මේ අවුරුදු සැත්තෑව තුළ දී පස් වන හා සත් වන මාසවල උපවාස පවත්වා වැලපෙමින් උපවාස කෙළේ මා උදෙසා ද?


එබැවින් උන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ වෙතට ළඟා වන්නන් සදහට ම ගළවන්නට උන් වහන්සේට පිළිවන. මන්ද, ඔවුන් උදෙසා මැදහත් වීමට උන් වහන්සේ සදහට ම ජීවත් වන බැවිනි.


ඔව්හු කතා කරමින්, “ස්වාමීනි, ශුද්ධ වූ සත්‍ය වූ තැනැන් වහන්ස, ඔබ පොළොවෙහි වාසය කරන්නන් විනිශ්චය නොකොට, අපේ ලේ ගැන ඔවුන්ගෙන් පළි නොගෙන කොපමණ කල් ප්‍රමාද වන සේක් දැ”යි මහ හඬින් මොරගසා කී හ.