“නුඹ දැන් මෙහි පැමිණියේ කොහේ සිට දැ”යි සමිඳාණන් වහන්සේ සාතන්ගෙන් විචාළ සේක. සාතන් සමිඳාණන් වහන්සේට උත්තර දෙමින්, “මම මහ පොළොවේ තැනින් තැන සැරිසරා මෙහි ආවෙමි”යි කී ය.
සෙකරියා 1:11 - Sinhala New Revised Version 2018 ඔව්හු රටමරඳ ගස් අතරේ සිටි සමිඳාණන් වහන්සේගේ දූතයාට පිළිතුරු දෙමින්, “අපි පොළොව සැරිසරා, මුළු පොළොව ම නිශ්කලංක ව, නිශ්චල ව තිබෙන බව දුටිමු”යි සැළ කළහ. Sinhala New Revised Version ඔව්හු රටමරඳ ගස් අතරේ සිටි සමිඳාණන් වහන්සේගේ දූතයාට පිළිතුරු දෙමින්, “අපි පොළොව සැරිසරා, මුළු පොළොව ම නිශ්කලංක ව, නිශ්චල ව තිබෙන බව දුටිමු”යි සැළ කළහ. Sinhala Revised Old Version ඔව්හු රටමරඳ ගස් අතරේ සිටි ස්වාමීන්වහන්සේගේ දූතයාට උත්තරදෙමින්: අපි පොළොවෙහි ඇවිද්දෙමුව, මුළු පොළොව නිස්කලංකව නිශ්චලව තිබේයයි කීවෝය. |
“නුඹ දැන් මෙහි පැමිණියේ කොහේ සිට දැ”යි සමිඳාණන් වහන්සේ සාතන්ගෙන් විචාළ සේක. සාතන් සමිඳාණන් වහන්සේට උත්තර දෙමින්, “මම මහ පොළොවේ තැනින් තැන සැරිසරා මෙහි ආවෙමි”යි කී ය.
එවිට, “සමිඳාණන් වහන්සේ මේ අශ්වාරෝහකයන් එවා ඇත්තේ පොළොව පරීක්ෂා කර බලන පිණිස ය”යි රටමරඳ ගස් අතර සිටි මිනිසා කීවේ ය.
එහෙත්, සැප ජීවිකාවෙන් කල් යවන ජාතීන් කෙරෙහි මම අධික ලෙස උදහස් වී සිටිමි. මාගේ සෙනඟට මා දැක්වූ උදහස සුළු ව තිබිය දී මේ ජාතීහු මාගේ සෙනඟට මා සිතුවාට වඩා පීඩා කළහ. ඒ නිසා සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.
බලන්න, රාත්‍රි කාලයේ රතු අශ්වයෙකු පිට නැඟී සිටි මිනිසෙක් මට දර්ශනය විය. මිටියාවතේ තිබුණු රටමරඳ ගස් අතරේ ඔහු නතර වී සිටියේ ය. ඔහු පිටිපස්සේ රතු පාට, දුඹුරු පාට හා සුදු පාට අශ්වයෝ සිටියහ.
අශ්වයන් පිටතට ආ විට පොළොව පරීක්ෂා කර බැලීමට ඔවුන්ට ඉවසිල්ලක් නො වී ය. “ගොස් පොළොව පරීක්ෂා කර බලන්නැ”යි දේව දූතයා කී ය. ඔව්හු එසේ කළහ.
මනුෂ්‍ය-පුත්‍රයාණෝ ස්වකීය දූතයන් එවන සේක. ඔව්හු උන් වහන්සේගේ රාජ්‍යයේ බාධා උපදවන සියල්ල ද අදමිටුකම් කරන්නන් ද එක් කොට,
යුගාන්තයේ දී එසේ ම වන්නේ ය. දේව දූතයෝ නික්ම අවුත්, දමිටුන් කෙරෙන් අදමිටුන් වෙන් කොට,
“මනුෂ්‍ය-පුත්‍රයාණන් සියලු දේව දූතයන් පිරිවරාගෙන තේජශ්‍රීයෙන් පැමිණෙන කල, එතුමාණෝ තමන්ගේ මහිමාන්විත සිංහාසනයේ වැඩහිඳින සේක.
‘සාමය ඇත; අනතුරක් නැතැ’යි ඔවුන් කියන විට, ගැබිණියකට විළිරුජා පැමිණෙන්නාක් මෙන්, ක්ෂණික විනාශය ඔවුන් පිට පැමිණේ; ඔවුන්ට කිසි ගැළවීමක් නැත.
දුක් විඳින ඔබට හා අපට සහනය ද දෙන සේක. මෙය සිදු වන්නේ ජේසුස් සමිඳාණන් වහන්සේ ස්වකීය බලසම්පන්න දූතයන් සමඟ ස්වර්ගයෙන් ප්‍රකාශ වන කල්හි ය.
දෙවියන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට දැක්වූ එළිදරව්ව මේ ය. එය උන් වහන්සේට දෙන ලද්දේ ඉක්මනින් සිදු වන්නට තිබෙන දේවල් ස්වකීය සේවකයන්ට පෙන්වන පිණිස ය. ක්‍රිස්තුන් වහන්සේ ස්වකීය දූතයා එවමින් ඒ දේවල් තමන් සේවක ජොහන් හට දැන්වූ සේක.