ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ශෙපනියා 2:14 - Sinhala New Revised Version 2018

හැම වර්ගයේ ගව මෘග ආදීන් එහි ලගිනු ඇත. එහි නටබුන් අතරේ බකමූණන් ලගින කවුළු තුළින් කරවැල් කොකා ද ඉත්තෑවා ද කෑකෝ ගසනු ඇත. එළිපත් මත කපුටන් කරව් කරනු ඇත. ගොඩනැඟිලිවල කිහිරි ලී බිඳ හෙළනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

හැම වර්ගයේ ගව මෘග ආදීන් එහි ලගිනු ඇත. එහි නටබුන් අතරේ බකමූණන් ලගින කවුළු තුළින් කරවැල් කොකා ද ඉත්තෑවා ද කෑකෝ ගසනු ඇත. එළිපත් මත කපුටන් කරව් කරනු ඇත. ගොඩනැඟිලිවල කිහිරි ලී බිඳ හෙළනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එහි තුළ මෘග රැළවල් වන සියලු වර්ගවල සත්වයෝ ලගින්නෝය. කරවැල් කොකාද ඉත්තෑවාද එහි පේකඩවල රැය පසුකරන්නෝය. උන්ගේ හඬ කවුළුවල ඇසෙන්නේය; එළිපතුවල පාළුකම ඇතිවන්නේය. මක්නිසාද උන්වහන්සේ කිහිරි ලී කර්මාන්තය බිඳහෙළා තිබේ.

පරිච්ඡේදය බලන්න



ශෙපනියා 2:14
8 හුවමාරු යොමු  

මම මරු කතරේ වසන කරවැල් කොකෙකුට සමාන වෙමි; මම පාළු තැන්හි වසන බකමූණෙකු මෙන් වෙමි.


මම බබිලෝනිය ගොහොරු බිමක් කරන්නෙමි. ඉත්තෑවුන් එහි වාසය කරනු ඇත. විනාශය නමැති කොස්සෙන් මම බබිලෝනිය සහමුලින් ම අතුගාදමන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


‘විශාල උඩුමහල් මැදුරු ඇති මහා වලව්වක් මම ම සාදාගනිමි’යි කියමින්, කිහිරි ලීවලින් පනේල අල්ලා කවුළු දමා රතු සායම් ගාන මිනිසාට වන විපතක මහත!


සමිඳාණන් වහන්සේ පූජාසනය ළඟ සිටිනු මම දිටිමි. උන් වහන්සේ මෙසේ අණ කළ සේක: “උළුවහු සෙලවෙන හැටියට සිද්ධස්ථානයේ පේකඩවලට පහර දී, ඒවා බිඳදමා, ඔවුන් සියල්ලන්ගේ හිස් පිට කඩා වැටෙන්න සලස්වන්න. ඉතිරි වන සියලු දෙනා මම යුද්ධයේ දී මරාදමමි. එක මිනිහෙක් වත් ඉතුරු නොකරමි. එක් කෙනෙක් වත් බේරෙන්නේ නැත.


මුහුදුබඩ දේශයේ නුඹේ එඬේරුන්ට පැල් ද බැටළු ගාල් ද සහිත පිට්ටනියක් ඇති වන්නේ ය.


ඔහු මහ හඬින් මොරගසා, “මහා බබිලෝනිය වැටුණා ය, මහා බබිලෝනිය වැටුණා ය. ඈ දුෂ්ටාත්මයන්ගේ වාසභවනයක් ද, සියලු අශුද්ධාත්මයන්ගේත් සියලු තුච්ඡ පිළිකුල් පක්ෂීන්ගේත් හිරගෙයක් ද වූවා ය.