ඔහු වස්ත්‍ර ගබඩාවේ මුලාදෑනියාට කතා කොට, “බාල් අදහන සියල්ලන්ට වස්ත්‍ර ගෙනෙන්නැ”යි කීවේ ය. ඔහු ද වස්ත්‍ර ගෙනාවේ ය.
ශෙපනියා 1:8 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ පූජාව ඔප්පු කරන දවසේ දී අධිපතීන්ට ද රජුගේ පුත්‍රයන්ට ද විදේශීය ඇඳුම් අඳින සියල්ලන්ට ද මම දඬුවම් කරන්නෙමි. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ පූජාව ඔප්පු කරන දවසේ දී අධිපතීන්ට ද රජුගේ පුත්‍රයන්ට ද විදේශීය ඇඳුම් අඳින සියල්ලන්ට ද මම දඬුවම් කරන්නෙමි. Sinhala Revised Old Version එසේ ස්වාමීන්වහන්සේගේ පූජාවේ දවසේදී අධිපතීන්ටද රජුගේ පුත්‍රයන්ටද විදේශි ඇඳුම් අඳින සියල්ලන්ටද දඬුවම්කරන්නෙමි. |
ඔහු වස්ත්‍ර ගබඩාවේ මුලාදෑනියාට කතා කොට, “බාල් අදහන සියල්ලන්ට වස්ත්‍ර ගෙනෙන්නැ”යි කීවේ ය. ඔහු ද වස්ත්‍ර ගෙනාවේ ය.
එහෙත්, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සියොන් කන්දෙහි හා ජෙරුසලමෙහි මා කරන දේ නිම කළ පසු අසිරියාවේ රජුගේ පාරට්ටුවත්, අහංකාරයත් නිසා මම ඔහුට දඬුවම් කරමි.”
සමිඳුනි, ඔබ තුමාණෝ ජාකොබ්ගේ වංශය වන තමන් සෙනඟ අත්හළ සේක. මන්ද, පෙරදිගින් පැමිණි යන්ත්‍ර මන්ත්‍රකාරයන්ගෙන් ද පිලිස්තිවරුන් මෙන් පේන කියන්නන්ගෙන් ද දේශය පිරී ඇත. සෙනඟ විදේශීන් සමඟ අත්වැල් බැඳගෙන සිටිති.
උඩ සිටින, ඉහළ අහසේ බල මණ්ඩලවලටත්, පොළොවේ සිටින පාලකයන්ටත්, සමිඳුන් දඬුවම් කරන කාලයක් පැමිණෙන්නේ ය.
ඔබේ ම පෙළපතෙන් පැවත එන දරුවන්ගෙන් සමහරෙක් ද ගෙනයනු ලබන්නෝ ය. ඔවුන් නපුංසකයන් මෙන් බබිලෝනියේ රජුට සේවය කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
ඔව්හු රජුන්ට නින්දා කරති; අධිපතීන්ට කවටකම් කරති; සෑම බලකොටුවක් ම සුළු කොට සලකති; පස් ගොඩකර ඒවා අල්ලා ගනිති.
“කාන්තාවක පුරුෂයෙකුගේ ඇඳුම් ඇඟ ලා නොගත යුතු ය. පුරුෂයෙකු ස්ත්‍රියකගේ ඇඳුම ඇඟ ලා නොගත යුතු ය. එලෙස කරන සියල්ලන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුලකි.