තවද, “මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්ටත්, ප්‍රජා මූලිකයන් ද නායක පූජකවරයන් ද විනයධරයන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්න හා මරනු ලබන්ටත් තෙ වන දින යළි මරණින් උත්ථාන කරනු ලබන්ටත් නියම ව ඇතැ”යි වදාළ සේක.
ලූක් 9:31 - Sinhala New Revised Version 2018 ඔව්හු තේජශ්‍රීයෙන් යුක්ත ව පෙනී උන් වහන්සේ ජෙරුසලමෙහි දී ඉටු කරන්න යන ජීවිත පූජාව ගැන කතා කරමින් සිටියහ. Sinhala New Revised Version ඔව්හු තේජශ්‍රීයෙන් යුක්ත ව පෙනී උන් වහන්සේ ජෙරුසලමෙහි දී ඉටු කරන්න යන ජීවිත පූජාව ගැන කතා කරමින් සිටියහ. සිංහල කාලීන පරිවර්තනය තේජාලංකාරයෙන් යුතුව දර්ශන වූ ඔවුන් කතා කරමින් සිටියේ යෙරුසලමේදී උන්වහන්සේ ඉටු කරන්නට යන නික්මයෑම පිළිබඳව ය. Sinhala Revised Old Version ඔව්හු තේජසින් යුක්තව පෙනී, උන්වහන්සේ යෙරුසලමේදී සිදුකරන්ට තිබුණු උන්වහන්සේගේ ඉකුත්වීම ගැන කථාකරමින් සිටියෝය. |
තවද, “මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්ටත්, ප්‍රජා මූලිකයන් ද නායක පූජකවරයන් ද විනයධරයන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්න හා මරනු ලබන්ටත් තෙ වන දින යළි මරණින් උත්ථාන කරනු ලබන්ටත් නියම ව ඇතැ”යි වදාළ සේක.
හදිසියේ මනුෂ්‍යයෝ දෙදෙනෙක් උන් වහන්සේ සමඟ කතා කරමින් උන්හ. ඔව්හු නම්: මෝසෙස් සහ එලියා ය.
පසු දින ජොහන් තෙමේ ජේසුස් වහන්සේ තමා සමීපයට වඩිනු දැක, “මෙන්න, ලෝකයේ පාපය දුරලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ!
අපි සියල්ලෝ, වැස්ම ඉවත ලූ මුහුණුවලින් සමිඳාණන් වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් පිළිබිඹු කරමු. මෙලෙස ආත්මයාණන් වන සමිඳාණන් වහන්සේගෙන් එන තේජස, අප උන් වහන්සේගේ සමානත්වයට වඩ වඩා තේජාන්විත ව පමුණුවනු ඇත.
සියල්ල තමන්ට වසඟ කර ගැනීමට ඇති ස්වකීය බලය අනුව, දැනට අපට ඇති පහත්කමේ ශරීර, තමන් වහන්සේගේ තේජාන්විත ශරීරයට සමාන වන පිණිස, උන් වහන්සේ ඒවා, වෙනස් කරන සේක.
අපේ ජීවනය වන ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ වන විට, ඔබත් උන් වහන්සේ සමඟ තේජසින් ප්‍රකාශ වනු ඇත.
ජෝසෙප් තමාගේ අවසානය ළං වූ විට, ඇදහිල්ලෙන්, ඉශ්රායෙල් පුත්‍රයන්ගේ නික්මයාම සඳහන් කොට, තමාගේ ඇටකටු පිළිබඳ උපදෙස් දුන්නේ ය.
එවිට ක්‍රිස්තුන් වහන්සේ මඟින් ස්වකීය සදාතන තේජසට ඔබ කැඳවූ සියලු වරප්‍රසාද දෙන දෙවියන් වහන්සේ ම ඔබ ස්වල්ප කලක් දුක් වින්ද පසු, ඔබ සම්පූර්ණ කර, ස්ථීර, ශක්තිමත් පදනමක් මත පිහිටුවන සේක.
එබැවින් මාගේ ඇවෑමෙන් පසු ඔබට මේ දේවල් හැම කල්හි ම සිහි කරගැන්මට පිළිවන් වන පිණිස මට හැකි හැම දේ ම මම කරමි.
“මාගේ ස්වාමීනි, ඔබ එය දන්නෙහි ය”යි මම ඔහුට කීමි. එවිට ඔහු මා අමතා, “මොවුහු මහත් පීඩා මැදින් එන්නාහ. ඔව්හු තම සළු බැටළු පෝතකයාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝ ය.