Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 9:31 - Sinhala Revised Old Version

31 ඔව්හු තේජසින් යුක්තව පෙනී, උන්වහන්සේ යෙරුසලමේදී සිදුකරන්ට තිබුණු උන්වහන්සේගේ ඉකුත්වීම ගැන කථාකරමින් සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 ඔව්හු තේජශ්‍රීයෙන් යුක්ත ව පෙනී උන් වහන්සේ ජෙරුසලමෙහි දී ඉටු කරන්න යන ජීවිත පූජාව ගැන කතා කරමින් සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

31 තේජාලංකාරයෙන් යුතුව දර්ශන වූ ඔවුන් කතා කරමින් සිටියේ යෙරුසලමේදී උන්වහන්සේ ඉටු කරන්නට යන නික්මයෑම පිළිබඳව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 ඔව්හු තේජශ්‍රීයෙන් යුක්ත ව පෙනී උන් වහන්සේ ජෙරුසලමෙහි දී ඉටු කරන්න යන ජීවිත පූජාව ගැන කතා කරමින් සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 9:31
14 හුවමාරු යොමු  

සියලු දේ පවා තමන්ට යටත්කරන්ට පුළුවන්වූ බලය ලෙස, උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන්වහන්සේගේ තේජසේ ශරීරයට සමානවන පිණිස ඒවා වෙනස්කරනවා ඇත.


එසේය, මාගේ ඇවෑමෙන් පසු නුඹලාට මේ දේවල් හැම කල්හිම සිහිකරගන්ට පුළුවන්වන පිණිස කඩිසරව ක්‍රියාකරන්නෙමි.


එවිට ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්ගේ සදාකාල තේජසට නුඹලා කැඳවාගත් සියලු කරුණාවේ දෙවියන්වහන්සේම, නුඹලා ස්වල්ප කලක් දුක්වින්ද පසු, නුඹලා සම්පූර්ණකර, ස්ථිරකර, ශක්තිමත්කර පිහිටුවනසේක.


මමද: මාගේ ස්වාමීනි, ඔබ දන්නෙහියයි ඔහුට කීමි. ඔහු කියනුයේ: මොව්හු මහත් පීඩා මැදින් එන්නෝය, ඔව්හු තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදුකරගත්තෝය.


අපේ ජීවනය වන ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශවන කල, නුඹලාත් උන්වහන්සේ සමඟ තේජසින් ප්‍රකාශවන්නහුය.


අපි සියල්ලෝද මුහුණ වැස්මක් නැතුව, ස්වාමීන්වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින්, ආත්මයාණන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස්කරනු ලබමුව.


පසුවදා ඔහු තමා ළඟට යේසුස්වහන්සේ එනවා දැක කථාකොට: අන්න, ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළු පැටියාණෝ!


මනුෂ්‍ය පුත්‍රයා බොහෝ වධවිඳින්ටත් වැඩිමහල්ලන් විසින්ද නායක පූජකයන් විසින්ද ලියන්නන් විසින්ද එපාකරනු ලබන්ටත් මරනු ලබන්ටත් තුන්වෙනිදා නැගිටින්ටත් ඕනෑයයි කීසේක.


එවිට මනුෂ්‍යයෝ දෙදෙනෙක් උන්වහන්සේ සමඟ කථාකළෝය, ඔව්හු නම් මෝසෙස් සහ එලියාය.


යෝසෙප් තමාගේ අන්තිමය ළංවූ කල, ඇදහිල්ලෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිටත්ව යැම සඳහන්කොට, තමාගේ ඇට ගැන අණදුන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්