නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට නුඹලා වැඳුම්පිදුම් කළ යුතු ය. මම ආහාර පාන දී නුඹලාට ආශීර්වාද කරමින්, නුඹලා අතරින් ලෙඩ රෝග දුරු කරමි.
ලූක් 4:4 - Sinhala New Revised Version 2018 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘මිනිසා කෑමෙන් පමණක් ජීවත් නොවන්නේ ය’ කියා ලියා ඇතැ”යි ඔහුට වදාළ සේක. Sinhala New Revised Version ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘මිනිසා කෑමෙන් පමණක් ජීවත් නොවන්නේ ය’ කියා ලියා ඇතැ”යි ඔහුට වදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘රොටිවලින් පමණක් මිනිසා ජීවත් නො වේ’ කියා ලියා ඇතැ” යි පැවසූ සේක. Sinhala Revised Old Version යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: මනුෂ්‍යයා රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේයයි කීසේක. |
නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට නුඹලා වැඳුම්පිදුම් කළ යුතු ය. මම ආහාර පාන දී නුඹලාට ආශීර්වාද කරමින්, නුඹලා අතරින් ලෙඩ රෝග දුරු කරමි.
එහෙත්, නුඹලා මෙසේ පිළිතුරු දිය යුතු ය: “සමිඳාණන් වහන්සේ නුඹලාට උගන්වන දේට සවන් දෙන්න, අනවිනකාරයන්ට සවන් නොදෙන්න. ඔවුන් නුඹලාට කියන දෙයින් කිසි යහපතක් සිදු නොවේ.”
නුඹලාගේ අනාථ දරුවන් මා සමඟ තබා යන්න, මම ඔවුන් රැකබලාගන්නෙමි. නුඹලාගේ වැන්දඹුවෝ ද මා කෙරෙහි විශ්වාස කරත් වා.”
උන් වහන්සේ උත්තර දෙමින්, “ ‘මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව; දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් ය’ කියා ලියා ඇතැ”යි වදාළ සේක.
උන් වහන්සේ ඔවුන්ට වදාරමින්, “පසුම්බියක් වත්, මල්ලක් වත්, පා වහන් වත් නැති ව මා ඔබ යැවූ කල කිසිවක් හිඟ වී දැ”යි ඇසූ සේක. ඔව්හු උත්තර දෙමින්, “නැතැ”යි කී හ.
එකල යක්ෂයා කතා කරමින්, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්, මේ ගල් ගෙඩිය පාන් ගෙඩියක් වන්නට අණ කළ මැනවැ”යි උන් වහන්සේට කී ය.
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්න; උන් වහන්සේට පමණක් සේවය කරන්න’ කියා ලියා ඇතැ”යි ඔහුට වදාළ සේක.
උන් වහන්සේ ඔබ යටහත් බවට පමුණුවා සාගින්නෙන් යන්නට හැරිය සේක. ඉන්පසු ඔබ වත්, ඔබේ පියවරුන් වත් නොදත් ‘මන්නා’ නමැති කෑමෙන් ඔබ පෝෂණය කළ සේක. උන් වහන්සේ මෙසේ කෙළේ මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව සමිඳාණන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචනවලින් බව ඔබට උගන්වනු පිණිස ය.