ලූක් 3:14 - Sinhala New Revised Version 2018 හේවායෝ ද, “ඉතින් අප කළ යුත්තේ කුමක් දැ”යි ඇසූ හ. “කිසිවෙකුගෙන් බලහත්කාරයෙන් වත් බොරු චෝදනා නැඟීමෙන් වත් කිසිවක් පැහැර නොගන්න. ඔබට ලැබෙන වැටුපෙන් සෑහී සිටින්නැ”යි ඔහු ඔවුන්ට කී ය. Sinhala New Revised Version හේවායෝ ද, “ඉතින් අප කළ යුත්තේ කුමක් දැ”යි ඇසූ හ. “කිසිවෙකුගෙන් බලහත්කාරයෙන් වත් බොරු චෝදනා නැඟීමෙන් වත් කිසිවක් පැහැර නොගන්න. ඔබට ලැබෙන වැටුපෙන් සෑහී සිටින්නැ”යි ඔහු ඔවුන්ට කී ය. සිංහල කාලීන පරිවර්තනය සෙබළු ද ප්‍රශ්න කරමින්, “එතකොට අප? කුමක් ද අප කළ යුත්තේ?” යි ඇසූහ. ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “බලෙන් යමක් පැහැර ගන්න එපා, කිසිවකුට බොරු චෝදනා කරන්න එපා, ලැබෙන වැටුපෙන් සෑහී සිටිනු” යි කීවේ ය. Sinhala Revised Old Version හේවායෝද: ඉතින් අප විසින් කරන්ට ඕනෑ මොකක්දැයි ඇසුවෝය. කාටවත් බලාත්කාර නොකරන්න, අයුත්තෙන් යමක් අයකර නොගන්න; නුඹලාගේ කුලී පමණින් සතුටුවෙන්නැයි ඔහු ඔවුන්ට කීවේය. |
“නුඹලා අසත්‍ය ප්‍රකාශයක් නොකළ යුතු ය. බොරු සාක්ෂි දෙමින් වරදකරුවෙකුට උදව් නොකළ යුතු ය.
උන් වහන්සේ කපර්ණවුමට ඇතුළු වූ කල එක් ශතාධිපතියෙක් උන් වහන්සේ වෙත අවුත්, කන්නලවු කරමින්,
සාකෙවුස් නැඟිට, “ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි, යමෙකුගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම්, ඔහුට සතර ගුණයක් ආපසු දෙමි”යි සමිඳාණන් වහන්සේට කී ය.
මෙසේ කතා කළ දේව දූතයා ගිය කල, කොර්නේලියස් තමාගේ ගෙදර මෙහෙකරුවන්ගෙන් දෙදෙනෙකු ද තමාගේ පෞද්ගලික ආවතේව කරන්නන්ගෙන් පක්ෂපාත හේවායෙකු ද කැඳවා,
එවිට ඔබ නිදොස් හා අහිංසක වන්නහු ය. ඔබ වංක, හිතුවක්කාර පරම්පරාවක් මධ්‍යයෙහි, දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන් ව,
මා මෙය කියන්නේ මට ඇති හිඟ කමක් නිසා නොවේ. මන්ද, මම කුමන තත්ත්වයක සිටියත් ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගෙන සිටිමි.
එසේ ම වයස්ගත ස්ත්‍රීන් ද ශුද්ධ ජීවිතයකට ඔබින ලෙස හැසිරෙන, අපහාස නොනඟන, මත්පැනට ඇබ්බැහි නො වූ, යහපත් දේ උගන්වන අය විය යුතු ය.
ඉන්පසු ස්වර්ගයෙහි මෙසේ කියන මහ හඬක් මට ඇසිණි; එනම්, “අපේ දෙවියන් වහන්සේගේ ගැළවීම ද බලය ද රාජ්‍යය ද ස්වකීය ක්‍රිස්තුන් වහන්සේගේ අධිපතිකම ද දැන් පැමිණ ඇත. මන්ද, අපේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි දිවා රෑ දෙක්හි අපගේ සහෝදරයන්ට චෝදනා කරන පැමිණිලිකාරයා පහතට හෙළන ලදි.