ලූක් 24:3 - Sinhala New Revised Version 2018 ඔව්හු ඇතුළු වූ කල එහි ජේසුස් ස්වාමීන් වහන්සේගේ ශරීරය නුදුටුවෝ ය. Sinhala New Revised Version ඔව්හු ඇතුළු වූ කල එහි ජේසුස් ස්වාමීන් වහන්සේගේ ශරීරය නුදුටුවෝ ය. සිංහල කාලීන පරිවර්තනය ඔවුහු ලෙන තුළට ගිය කල, යේසුස් ස්වාමින්වහන්සේගේ දේහය ඒ තුළ දුටුවේ නැත. Sinhala Revised Old Version ඔව්හු ඇතුල්වූ කල ස්වාමීවූ යේසුස්වහන්සේගේ ශරීරය නුදුටුවෝය. |
උන් වහන්සේගේ සිරුර නොදැක අවුත්, ඔවුන්ට දර්ශනය වූ දේව දූතයන් ‘උන් වහන්සේ ජීවමාන ව සිටින සේකැ’යි පැවසූ බව කියා අප විස්මිත කළහ.
එබැවින් ජේසුස් වහන්සේගේ පුනරුජ්ජීවනය පිළිබඳ ව අප සමඟ සාක්ෂි දරන පිණිස යම් කිසිවෙකු අපට එක් විය යුතු ව තිබේ. ජොහන් බව්තීස්ම-ස්නාපනය පටන්ගත් දා සිට, ජේසුස් සමිඳාණන් වහන්සේ අප කෙරෙන් ඔසවාගනු ලැබූ දින දක්වා, උන් වහන්සේ අප අතර ආ ගිය මුළු කාලය තුළ, ඔහු නිතර ම අප සමඟ සිටි අයගෙන් එක් කෙනෙකු විය යුතු ය.”