එවිට ලෙයා, “මම කෙතරම් භාග්‍යවන්ත ද? ස්ත්‍රීහු මා ‘භාග්‍යවන්තී ය’යි පවසන්නෝ ය” කියා ඈ ඔහුට ආෂෙර් යන නාමය තැබුවා ය.
ලූක් 2:36 - Sinhala New Revised Version 2018 තවද, ආෂෙර්ගේ පෙළපතින් ආ පානුවෙල්ගේ දුවක වන බොහෝ වයස්ගත අන්නා නම් දිවැසිවරියක් වූවා ය. විවාහයෙන් පසු සත් වසක් සැමියා සමඟ විසූ ඈ Sinhala New Revised Version තවද, ආෂෙර්ගේ පෙළපතින් ආ පානුවෙල්ගේ දුවක වන බොහෝ වයස්ගත අන්නා නම් දිවැසිවරියක් වූවා ය. විවාහයෙන් පසු සත් වසක් සැමියා සමඟ විසූ ඈ සිංහල කාලීන පරිවර්තනය තවද අෂේර් පෙළපතට අයත් පානුවෙල්ගේ දුවක වන ආනා නම් දිවැසිවරියක් වූවා ය. ඈ සිටියේ ඉතා වියපත්ව ය, විවාහ වී හත් වසරක් තම ස්වාමි පුරුෂයා හා විසූ ඕ, Sinhala Revised Old Version තවද ආෂෙර්ගේ ගෝත්‍රයේ ඵානුයෙල්ගේ දූවූ, ඉතා වයස්ගතවූ, ආනා නම් අනාගතවක්ත්‍රියක් සිටියාය. ඈ කන්‍යාවස්ථාවෙහි සිට සත් අවුරුද්දක් ස්වාමි පුරුෂයෙකු සමඟ වාසයකළාය, |
එවිට ලෙයා, “මම කෙතරම් භාග්‍යවන්ත ද? ස්ත්‍රීහු මා ‘භාග්‍යවන්තී ය’යි පවසන්නෝ ය” කියා ඈ ඔහුට ආෂෙර් යන නාමය තැබුවා ය.
එවිට පූජක හිල්කියා ද අහිකාම් ද අක්බොර් ද ෂාපාන් ද අසායා ද හර්හස්ගේ පුත්‍රයා වන තික්වාගේ පුත් වස්ත්‍ර භාරකාරයා වන ෂල්ලුම්ගේ භාර්යාව වන හුල්දා නම් දිවැසිවරිය ළඟට ගොස් ඈට කතා කෙළේ ය. ඈ ජෙරුසලමේ තම නගරයෙහි වාසය කළා ය.
ආරොන්ගේ සොහොයුරිය වන, මීරියම් දිවැසිවරිය කිකිණි බැඳි සිඟිති රබානක් අතින් ගත්තා ය. වනිතාවෝ සියලු දෙන ද කිකිණි බැඳි රබන් පොඩි ලෙලවමින්, නටමින් ඇය පසුපස ගමන්ගත්හ.
තවද, සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, සිය සිතින් දිවැස් වැකි මවා කියන සෙනඟගේ දූවරුන්ට විරුද්ධ ව නුඹේ මුහුණ යොමා, ඔවුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියමින්,
එසේ ය, ඔබේ ම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාළ වනු ඇත. මෙසේ වන්නේ, බොහෝ දෙනෙකුගේ සිත්හි රහස් කල්පනා එළිදරව් වන පිණිස ය”යි කී ය.
ඈ ද ඒ මොහොතේ දී ම අවුත්, දෙවියන් වහන්සේට තුති පුදා, ජෙරුසලමේ විමුක්තිය අපේක්ෂා කළ සියලු දෙනා හට උන් වහන්සේ ගැන කතා කළා ය.
එපමණක් නොව, ඒ දවස්වල දී මාගේ දැසිදසුන්ට වුව ද මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරන්නෙමි; ඔව්හු ද දිවැස් වැකි පවසති.
හිස නොවසා යාච්ඤා කරන හෝ දිවැස් වැකි පවසන ස්ත්‍රිය තමාගේ ප්‍රධානියාට අගෞරව කරයි. එසේ කිරීම ඈ හිස මුඩු කරගැනීම වැනි ය.
එහෙයින් සභා නායක තෙමේ නිදොස් චරිතයකින් යුත්, එක භාර්යාවක් ඇති පුරුෂයෙකු ද, තැන්පත්, සන්සුන්, ආචාර සම්පන්න, ආගන්තුක සත්කාරයට කැමැති, උගන්වන්නට සමර්ථ තැනැත්තෙකු ද විය යුතු යි.
වැන්දඹුවක ලෙස නාම ලේඛනයෙහි ඇතුළත් කළ යුත්තේ අවුරුදු හැටක් වත් වයසැති, එක ම පුරුෂයෙකුට භාර්යාව වී සිටි ස්ත්‍රියෙකි.
ආෂෙර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද නප්තලීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද මනස්සේගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද
ඒ කාලයෙහි ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ, ලප්පිදොත්ගේ බිරිඳ වූ දිවැසිවරියක වූ දෙබොරා තොමෝ ය.
එල්කානාට භාර්යාවෝ දෙදෙනෙක් සිටියහ. එක් තැනැත්තියකගේ නම හන්නා ය; අනික් තැනැත්තියගේ නම පෙනින්නා ය. පෙනින්නාට දරුවෝ සිටියහ; එහෙත්, හන්නාට දරුවෝ නොසිටියහ.