ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 19:1 - Sinhala New Revised Version 2018

උන් වහන්සේ ජෙරිකෝවට පිවිස, ඒ මැදින් ගිය සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

උන් වහන්සේ ජෙරිකෝවට පිවිස, ඒ මැදින් ගිය සේක.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

උන්වහන්සේ යෙරිකෝවට ඇතුල්ව, නගරය හරහා ගමන් ගත් සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

උන්වහන්සේ යෙරිකෝවට ඇතුල්ව ඒ මැදින් යද්දී,

පරිච්ඡේදය බලන්න



ලූක් 19:1
7 හුවමාරු යොමු  

ඔහුගේ කාලයේ දී බෙතෙල්හි හීයෙල් නම් තැනැත්තා විසින් ජෙරිකෝව ගොඩනඟන ලදී. සමිඳාණන් වහන්සේ නූන්ගේ පුත් ජෝෂුවා ලවා දෙන ලද උන් වහන්සේගේ පණිවුඩය ලෙස, ඔහු එහි අත්තිවාරම් දමන විට ඔහුගේ කුළුඳුලා වන අබිරාම් ද ඔහු එහි දොරටු පිහිටුවන විට ඔහුගේ බාල පුත් සෙගුබ් ද නැසුණෝ ය.


ඔව්හු ජෙරිකෝවට පැමිණියෝ ය. උන් වහන්සේ සිය ශ්‍රාවකයන් හා මහා සමූහයක් ද සමඟ ජෙරිකෝවෙන් නික්ම යන කල, තිමේයස්ගේ පුත් බර්තිමේයස් නම් අන්ධ හිඟන්නෙක් පාර අද්දර වාඩි වී සිටියේ ය.


ජේසුස් වහන්සේ ජෙරිකෝවට සමීප වූ කල, එක් අන්ධයෙක් සිඟමින් පාර අයිනේ ඉඳගෙන සිටියේ ය.


සාකෙවුස් නම් ධනවත් ප්‍රධාන අයකැමියෙක් එහි විය.


නූන්ගේ පුත් ජෝෂුවා ෂිට්ටිම් නම් ස්ථානයේ සිට මිනිසුන් දෙදෙනකු ඔත්තු බැලීමට රහසින් පිටත් කර යවමින්, “ඔබ දෙදෙනා විශේෂයෙන් ගොස් ජෙරිකෝ ප්‍රදේශය පරීක්ෂා කර බලන්නැ”යි කීවේ ය. ඔව්හු ගොස් රාහාබ් නම් වෙසඟනකගේ ගෙදරට පැමිණ එහි නවාතැන් ගත්හ.