ඔවුන්ගේ අදහස් එතුමන්ට විරෝධී ව තිබියදීත්, ඔවුන්ගේ ගෙවල් සැප සම්පතින් සමෘද්ධ කෙළේ එතුමාණෝ ය.
ලූක් 16:25 - Sinhala New Revised Version 2018 එහෙත් ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘පුත්‍රය, ඔබ ජීවත් ව සිටිය දී, හැම සැපත ම ඔබට තිබුණු බව ද එලෙස ම හැම විපත ම ලාසරස්ට තිබුණු බව ද සිහි කරන්න. එහෙත් දැන් ඔහු මෙහි සැනසිලි ලබයි; ඔබ දහ දුක් විඳින්නෙහි ය. Sinhala New Revised Version එහෙත් ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘පුත්‍රය, ඔබ ජීවත් ව සිටිය දී, හැම සැපත ම ඔබට තිබුණු බව ද එලෙස ම හැම විපත ම ලාසරස්ට තිබුණු බව ද සිහි කරන්න. එහෙත් දැන් ඔහු මෙහි සැනසිලි ලබයි; ඔබ දහ දුක් විඳින්නෙහි ය. සිංහල කාලීන පරිවර්තනය “එහෙත් ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘දරුව, ඔබේ ජීවිත කාලයේදී ඔබට යහ දෑ ලැබුණා. ලාසරස්ට ලැබුණේ නරක දෑ වග මතක ද? එහෙත් දැන් ඔහු සැනසිල්ල භුක්ති විඳියි; ඔබ විඳවයි Sinhala Revised Old Version නුමුත් ආබ්‍රහම් කියනුයේ: පුත්‍රය, නුඹේ ජීවිතයේදී නුඹේ යහපත් දේ නුඹට ලැබුණු බවත් එලෙසම ලාසරුස්ට අයහපත් දේ ලැබුණු බවත් සිහිකරන්න. නුමුත් දැන් ඔහු මෙහි සැනසී ඉඳියි, නුඹ වේදනා විඳිනෙහිය. |
ඔවුන්ගේ අදහස් එතුමන්ට විරෝධී ව තිබියදීත්, ඔවුන්ගේ ගෙවල් සැප සම්පතින් සමෘද්ධ කෙළේ එතුමාණෝ ය.
ඔබේ බලය පා ඔවුන්ගෙන් මා ගැළෙවුව මැනව. දුදනන්ගේ පල විපාක මෙලොව දී ම ඔවුන්ට ලැබෙනු ඇත. ඔවුන්ට නියම කොට ඇති දුක් පීඩාවලින් ඔවුන්ට දඬුවම් කළ මැනව; ඒ දඬුවම ඔවුන්ගේ දරුවන්ට ද ඉතිරි කොටස දරුවන්ගේ දරුවන්ට ද දුන මැනව.
වරක් ඔවුන්ගේ ම නමින් ගම්බිම් තිබුණ නමුත්, දැන් ඔවුන්ගේ ගෙවල් සදහට ම සොහොන් ගෙවල් වී ඇත. ඔවුන් එහි සදහට ම වාසය කරනු ඇත.
ඔවුන්ගේ නෙත් අහංකාරයෙන් ඉදිමී ඇත්තේ ය. ඔවුන්ගේ සිත් නිෂ්ඵල සිතුවිලිවලින් පිරී ඇත්තේ ය.
ජෙරුසලම ඇගේ පීඩා සහ දුක් දවස්වල දී පෙර කල පටන් ඈට තිබුණු ඇගේ සියලු ප්‍රිය දේ සිහි කරයි. ඈට උපකාර කරන්නෙකු නැති ව, ඇගේ සෙනඟ සතුරාගේ අතට අසු වූ විට, උදව් කරන්න කිසිවෙක් නො වී ය. සතුරෝ ඈ දෙස බලා, ඇගේ වැටීම ගැන ඈට සරදම් කළෝ ය.
“ස්වාමීනි, ඒ වංචාකාරයා ජීවත් ව සිටිය දී, ‘මම තුන් දවසකට පසු මරණින් උත්ථාන වන්නෙමි’යි කී බව අපට මතක ය.
ඔබේ වැටීමට හේතුව ඔබේ පාදය නම් එය කපා දමන්න. දෙපා ඇතිව අපායට හෙළනු ලැබීමට වඩා කොර ව ජීවනයට ඇතුළුවීම ඔබට යහපත.
ඔහු ආත්ම භවනෙහි වධ විඳිමින් ඇස් ඔසවා ආබ්‍රහම් ද ඔහුගේ තුරුල්ලේ හුන් ලාසරස් ද දුරින් දැක,
එපමණකුත් නොවේ. මොබින් ඔබ වෙත යාමට වත් ඔබින් අප වෙත ඒමට වත් කැමැති වූවන්ට එය කළ නොහැකි වන සේ ඔබ හා අප හා අතර පරතරයක් පිහිටුවා ඇතැ’යි කී ය.
මේ දේවල් මා ඔබට කීවේ මා තුළ ඔබට ශාන්තිය ඇති වන පිණිස ය. ලෝකයෙහි ඔබට දුක්ගැහැට තිබේ. එහෙත් ධෛර්යවත් වන්න; මම ලෝකය අභිබවා ජයගතිමි”යි වදාළ සේක.
“අප බොහෝ දුක් විඳිමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවන්නට ඕනෑ ය”යි කියා ශ්‍රාවකයන් ධෛර්යවත් කර, ඇදහිල්ලේ ස්ථීර ව පවතින්නට ඔවුනට අවවාද කළහ.
මාංසික චේතනාව දේව විරෝධකමකි. එය දෙවියන් වහන්සේගේ ආඥාවට යටත් නොවූවකි. එසේ ම යටත් නොවන්නකි.
ඔවුන්ගේ අවසානය විනාශය වේ; ඔවුන්ගේ දෙවියෝ මාංසික තෘෂ්ණාවෝ වෙති; ලජ්ජා විය යුතු දේ ගැන ඔව්හු පාරට්ටු කර ගනිති; ඔවුන්ගේ කල්පනාව මෙලෝ දේ ගැන පමණ ය.
මේ ලෝකයට වත්, එහි ඇති දේ වලට වත් ආලය නොකරන්න. යමෙක් ලෝකයට ආලය කරන්නේ ද, දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත.
“මාගේ ස්වාමීනි, ඔබ එය දන්නෙහි ය”යි මම ඔහුට කීමි. එවිට ඔහු මා අමතා, “මොවුහු මහත් පීඩා මැදින් එන්නාහ. ඔව්හු තම සළු බැටළු පෝතකයාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝ ය.