ජෙරුසලමේ සිටින, එහි සෙනඟ පාලනය කරන අහංකාර මනුෂ්‍යයෙනි, සමිඳුන් වදාරන වචනයට සවන් දෙන්න.
යොහන් 7:49 - Sinhala New Revised Version 2018 ව්‍යවස්ථාව නොදත් මේ සෙනඟ සාප ලද්දෝ ය”යි කී හ. Sinhala New Revised Version ව්‍යවස්ථාව නොදත් මේ සෙනඟ සාප ලද්දෝ ය”යි කී හ. සිංහල කාලීන පරිවර්තනය එහෙත් දහම් නීතිය ගැන නො දන්නා මේ ජන සමූහයා ශාප ලද්දවුන්” යැයි පැවසූහ. Sinhala Revised Old Version නුමුත් ව්‍යවස්ථාව නොදන්නාවූ මේ සමූහයා ශාපලද්දෝයයි කීවෝය. |
ජෙරුසලමේ සිටින, එහි සෙනඟ පාලනය කරන අහංකාර මනුෂ්‍යයෙනි, සමිඳුන් වදාරන වචනයට සවන් දෙන්න.
‘මා ශුද්ධ බැවින් මට ළං නොවී ඈතින් සිටින්නැ’යි ඔව්හු කියති. ඔවුන් කෙරෙහි මාගේ කෝපය නාසයට වැදෙන දුමක් ද නොනිවෙන ගින්නක් ද හා සමාන ය.
ඔව්හු පිළිතුරු දෙමින්, “උපන් දා සිට ම පාපයේ සිටින ඔබ අපට උගන්වන්නට එන්නෙහි දැ”යි කියා ඔහු ධර්මශාලාවෙන් නෙරපාදැමූ හ.
උන් වහන්සේ සමඟ සිටි පරිසිවරුන්ගෙන් ඇතැමෙක් එය අසා, “අපිත් අන්ධයෝ දැ?”යි උන් වහන්සේගෙන් ඇසූ හ.