Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 7:49 - Sinhala Revised Old Version

49 නුමුත් ව්‍යවස්ථාව නොදන්නාවූ මේ සමූහයා ශාපලද්දෝයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

49 ව්‍යවස්ථාව නොදත් මේ සෙනඟ සාප ලද්දෝ ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

49 එහෙත් දහම් නීතිය ගැන නො දන්නා මේ ජන සමූහයා ශාප ලද්දවුන්” යැයි පැවසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

49 ව්‍යවස්ථාව නොදත් මේ සෙනඟ සාප ලද්දෝ ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 7:49
11 හුවමාරු යොමු  

උන්වහන්සේ සමඟ සිටියාවූ ඵරිසිවරුන්ගෙන් සමහරෙක් ඒ අසා: අපිත් අන්ධයෝදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.


ඔව්හු උත්තරදෙමින්: සියලු ආකාරයෙන් පාපවල උපන් නුඹ අපට උගන්වනවාදැයි කියා ඔහු අහක්කළෝය.


මට ළංනොවී ඈතින් සිටින්න, මම නුඹට වඩා ශුද්ධයෙමියි ඔව්හු කියති. මොව්හු මාගේ නාසයට ධූමයක්ය, දවස මුළුල්ලේම ඇවිළෙන ගින්නක්ය.


එබැවින් යෙරුසලමෙහි සිටින මේ සෙනඟ ආණ්ඩුකරන නින්දාකාර මනුෂ්‍යයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.


තුමූ ප්‍රඥාවන්තයෝයයි සිතන්නාවූද තුමූ නුවණැත්තෝයයි කල්පනාකරන්නාවූද අයට දුක් වේ!


මුලාදෑනීන්ගෙන්වත් ඵරිසිවරුන්ගෙන්වත් යමෙක් ඔහු කෙරෙහි අදහාගත්තේද?


ඔවුන්ගෙන් එක්කෙනෙක්වූ (ඊට ප්‍රථම උන්වහන්සේ ළඟට ගියාවූ) නිකොදේමුස් ඔවුන්ට කථාකොට:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්