එවිට ඔහු ඒවා ඔවුන් ඉදිරියෙහි තැබී ය. ඔව්හු එයින් අනුභව කොට සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ඉතිරි කළෝ ය.
යොහන් 6:13 - Sinhala New Revised Version 2018 මෙසේ කෑම වැළඳු අය, යව රොටි පහෙන් ඉතිරි කළ කැබලි එකතු කොට මලු දොළසක් පුරවාගන්නා ලදී. Sinhala New Revised Version මෙසේ කෑම වැළඳු අය, යව රොටි පහෙන් ඉතිරි කළ කැබලි එකතු කොට මලු දොළසක් පුරවාගන්නා ලදී. සිංහල කාලීන පරිවර්තනය එබැවින් ඒ යව රොටි පහෙන් ඔවුන් කා ඉතිරි වූ කැබලි එකතු කළ ඔවුහු ඒවායින් කූඩ දොළහක් පිරවූහ. Sinhala Revised Old Version මෙසේ මනුෂ්‍යයන් කාලා යව රොටි පහෙන් ඉතිරිවූ කැබෙලි එකතුකොට පැස් දොළොසක් පුරවාගත්තෝය. |
එවිට ඔහු ඒවා ඔවුන් ඉදිරියෙහි තැබී ය. ඔව්හු එයින් අනුභව කොට සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ඉතිරි කළෝ ය.
අමශියා ද, “එසේ නම්, මා ඉශ්රායෙල් සේනාවට දුන් රිදී කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියය ගැන අපි කුමක් කරමු දැ”යි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගෙන් ඇසුවේ ය. දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා උත්තර දෙමින්, “ඊටත් වඩා ඔබට දෙන්න සමිඳාණන් වහන්සේට පුළුවනැ”යි කී ය.
“යව රොටි පහක් ද මසුන් දෙදෙනකු ද ඇති කොලුවෙක් මෙහි සිටියි. එහෙත් මෙපමණ දෙනෙකුන්ට එයින් කුමන පලක් දැ”යි ඇසී ය.
මාගේ දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ, ස්වකීය තේජාන්විත වස්තු සම්භාරය අනුව ඔබගේ සියලු අගහිඟකම් සපුරාලන සේක.