ඔහුගේ සේවකයෝ මළාවූ ජොෂියා රජ රථයකින් මෙගිද්දෝ සිට ජෙරුසලමට ගෙනවුත් ඔහුගේ ම සොහොන්ගෙයි ඔහු තැන්පත් කළෝ ය. එවිට දේශයේ සෙනඟ ජොෂියාගේ පුත් ජෙහෝවාහාස් කැඳවාගෙන අභිෂේක කොට ඔහුගේ පියා වෙනුවට ඔහු රජකමට පත් කළහ.
යොහන් 19:41 - Sinhala New Revised Version 2018 උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ ස්ථානයේ උයනක් විය. ඒ උයනේ, ඒ තාක් කිසි කලෙක කිසිවකු තැන්පත් නොකළ අලුත් සොහොන් ගෙයක් විය. Sinhala New Revised Version උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ ස්ථානයේ උයනක් විය. ඒ උයනේ, ඒ තාක් කිසි කලෙක කිසිවකු තැන්පත් නොකළ අලුත් සොහොන් ගෙයක් විය. සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ කුරුසිපත් කළ ස්ථානය අසල උයනක් තිබිණි. ඒ උයනේ එතෙක් කිසිවකු තැන්පත් නො කරන ලද අලුත් සොහොන් ලෙනක් තිබිණි. Sinhala Revised Old Version උන්වහන්සේ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ ස්ථානයෙහි උයනක් තිබුණේය; ඒ උයනෙහි ඒතාක් කිසිකලෙක කිසිවෙකු නොතැබුවාවූ අලුත් සොහොන්ගෙයක් තිබුණේය. |
ඔහුගේ සේවකයෝ මළාවූ ජොෂියා රජ රථයකින් මෙගිද්දෝ සිට ජෙරුසලමට ගෙනවුත් ඔහුගේ ම සොහොන්ගෙයි ඔහු තැන්පත් කළෝ ය. එවිට දේශයේ සෙනඟ ජොෂියාගේ පුත් ජෙහෝවාහාස් කැඳවාගෙන අභිෂේක කොට ඔහුගේ පියා වෙනුවට ඔහු රජකමට පත් කළහ.
“නුඹ කවරෙක් දැ යි සිතාගන්නෙහි ද? මෙහි නුඹට ගල් පර්වත බෑවුමක සොහොනක් කපා ගැනීමට ද නුඹට ම තැනක් සූදානම් කර ගැනීමට ද නුඹට ඇති අයිතිය කුමක් ද?
පර්වතයෙහි කප්පා තිබුණු තමාගේ ම අලුත් සොහොන් ගැබෙහි තබා, එහි දොරකඩට විශාල ගලක් පෙරළා තබා යන්න ගියේ ය.
ඔහු එය පහතට ගෙන, සිහින් හණ රෙද්දකින් වෙළා, ඒ දක්වා කිසිවකු නොතැබූ, ගලක කණින ලද සොහොනක උන් වහන්සේ තැන්පත් කෙළේ ය.
ජුදෙව්වරුන්ගේ සබත් දිනට පෙර දින ආසන්න වූ බැවින් ද ඒ සොහොන් ගෙය නුදුරු ව තිබුණු බැවින් ද ඔව්හු ජේසුස් වහන්සේ එහි තැන්පත් කළහ.
“ස්ත්‍රිය, ඔබ හඬන්නේ මන් ද? ඔබ කවරෙකු සොයන්නෙහි දැ”යි ජේසුස් වහන්සේ ඇගෙන් ඇසූ සේක. ඈ උන් වහන්සේ උයන්ගොව්වා යයි සිතා: “මහතාණෙනි, ඔබ උන් වහන්සේ ගෙන ගියා නම්, උන් වහන්සේ කොතැන තැන්පත් කෙළෙහි දැ යි මට කිව මැනව; මම උන් වහන්සේ රැගෙන යමි”යි කීවා ය.